lan englan tam

C Chatඑක

තිස්සට හදිසි සැත්කමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පි තිස්ස විජේසුරේන්ද්‍ර සැලකිය යුතු හදිසි ශල්‍යකර්මකට මුහුණ දී ජීවිතය බේරා ගත් පුවතක් අපට දැන ගන්නට ලැබුණා.කොහොම හරි  මේ සැත්කමෙන් පස්සේ තිස්ස දැන් විවේකීව ගෙදරට වෙලා ඉන්නවා.


මොකක්ද මේ හදිසියේම වුණේ..? අපි තිස්සගෙන් අහන කොට ඔහු බොහොම හිමිහිට මෙහෙම කිව්වා.
මොකක්දෝ පෙර පිනකට රෝගය උත්සන්න වෙන්න කලින් දැන ගන්න ලැබුණා. නැත්තම් ජීවිතේ ඉවරයි.. මගේ දරුවන්ට බිරිඳට පිංසිද්ධ වෙන්න ඔවුන් ලොකු වියදමක් දරලා මාව අද ජීවත් කරවනවා.. තිස්ස කිව්වේ දැඩි හැඟීමකින් යුතුවයි.


මොකක්ද ඔබ කළ සැත්කම. ඒ ගැනත් අපි කතා කරමු..?
මේ අවුරුද්දේ මුල අපි ලන්ඩන් ගියා..ඒ ලන්ඩන්වල ජීවත්වෙන අමාලිවත් සුරනිවත් බලල එන්න හිතාගෙන....මේ ගමන අවසානයේ ඒ දෙන්නගේ ඉල්ලීමට මම ‍පොඩි මෙඩිකල් ටෙස්ට් වගයක් කළේ නිකමට වගෙයි..කොහොම හරි මේ වෙලාවෙදී තමයි මගේ අක්මාවේ පුංචි ප්‍රශ්නයත් තිබෙනව කියල අහුවුණේ..ඉතිං ඒ අනුව ලංකාවට ආපු හැටියේ මට සැත්කමකට මුහුණ දෙන්න සිද්ධ වුණා..තව ටික කාලයක් හිටියනම් මගේ ජීවිතේ මම නොදැනීම ඉවරයි. දැන් වෛද්‍ය උපදෙස වී තිබෙන්නේ ටික දවසක් විවේකීව ඉන්න කියලයි තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ යහපත් ජීවිතයක් ගත කල අපූරු මනුස්සයෙක්. හොඳ ස්වාමි පුරුෂයෙක්. ගෑනු දරුවන් තුන්දෙනාට පණ වගේ ආදරය කළ, රැකවරණය ලබාදුන් ආදර්ශමත් තාත්තා කෙනෙක්.
ඒ වගේම අතිශය ජනප්‍රිය සිනමා නළුවෙකු වෙලා සිටි කාලයේ පවා තිස්සට එරෙහිව කිසිම නරක විදියේ කටකතාවක්, චෝදනාවක් නොතිබුණු බව තමයි වරක් හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා පවා අප සමග කිව්වේ.මම හැමවිටම මගේ දරුවො ගැන බිරිඳ ගැන හිතල ජීවත් වුණා. අද මට ඔවුන් පණ වගේ ආදරය කරන්නේ ඒ නිසයි. ඔවුන් මට නිතරම කියන්නේ මහන්සි වෙලා රඟපාන්න යන්න එපා..අපි තාත්තට ජීවත්වෙන්න සල්ලි එවන්නම් කියලයි. ඒක ඒ විදියටම ඔවුන් කරනවා..මා ගැන නිතරම සොයා බලනවා..,

පහුගිය කා‍ලේ තිස්ස තමන්ගේ ප්‍රිය බිරිඳ එක්ක ලන්ඩන් ගියෙත් ඒ මව්පිය දූ දරු සම්බන්ධය නිසාමයි.
ඒ අය දැන් ලන්ඩන්වලම ජීවත් වෙනවා..‍පොඩි දුව විතරක් අපි එක්ක ඉන්නවා..අපිටත් එහෙ ඇවිත් ඉන්න කියල කතා කළාට මේ රට දාලා යන්න හිතක් නෑ..ඒත් මම නළුවෙක් වුණාට තවම මගේ නම චිත්‍රපට සංස්ථාවේ නළු නිළි නාම ‍ලේඛනයේවත් නැහැ..ඒක මට පෙන්නුවේ ලන්ඩන්වල ඉන්න මගේ රසිකයෙක්..මොනව කරන්නද.. ඕවා ඔහොම තමයි..
නමුත් ලන්ඩන් ගමනෙදී ඒ රටේ ඉන්න හිතවතුන් වගේම දූලා එකතු වෙලා තිස්සට අපූරු උපහාරයක් කළා.  ඔහු ඒ ගැනත් සඳහන් ක‍ලේ දැඩි සතුටකින් යුතුවයි.
හෙළ සිනමාවට අවුරුදු 70 ක් සපිරෙනු දා (ජනවාරී 21) මගේ සිනමා ජීවිතයට අවුරුදු 45ක් වුණා..ඒ වෙනුවෙන් වගේම මම විවාහ වෙලා අවුරුදු 35ක් නිමිතිකොට තමයි මේ උපහාරය ඔවුන් මට කළේ..ඇත්තටම මට ඒක ලොකු සතුටක්..

Thissa1
තිස්ස අදටත් රඟපාන්න කැමතියි. ඒත් ඔහු කියන්නේ ඒ වෙනුවෙන් ආත්මය පවා දෙන්න නම් බැහැ කියලයි.
බලමු.. අනාගතයේ යම් නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නවා...අපි ඒ වෙනකම් ඉවසා ගෙන ඉම්මු නේද..? තිස්ස ලෙඩ ඇඳේ හාන්සි වෙලා සිටියත් බලා‍පොරොත්තු දැල්වුණු දෙනෙතින් යුතුව හිමිහිට කිව්වා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

Back to top
Go to bottom

Popular News