හිරු 'කොපි චැට්' වැඩසටහනට පසුගිය සතියේ සහභාගි වූයේ ගීත කලාවට බොහෝ වටිනා ගීත රැසක් දායාද කළ කලාකරුවන් රැසකි.
- Hits: 130
හිරු 'කොපි චැට්' වැඩසටහනට පසුගිය සතියේ සහභාගි වූයේ ගීත කලාවට බොහෝ වටිනා ගීත රැසක් දායාද කළ කලාකරුවන් රැසකි.
විනෝද් බනුශාලි ඉදිරිපත් කරන ඉන්දීය අගමැතිවරයකුව සිටි අතල් බිහාරි වජ්පායිගේ චරිත කතාව ඇසුරෙන් සකසන ලද 'Main Athal Hoon - මේ අතල් හූ' (මම අතල් වෙමි) චිත්‍රපටය පසුගිය ජනවාරි 14 වැනිදා තිර ප්‍රදර්ශනය ඇරඹිණි.
පන්කජ් ත්‍රිපාටි අගමැති චරිතය හොබවන අතර චිත්‍රපටය රවී යාදව් විසින් අධ්‍යක්ෂණය කරන ලද එකකි. රිශී වර්මානි සහ රවී යාදව් විසින් රචනා කරනු ලැබ ඇත.
විනෝද් බනුශාලි, සන්දීප් සිං, කම්ලේශ් බනුශාලි නිෂ්පාදනයෙන් දායක වන Main Athal Hoon හි රසවත් ගීත ගණනාවක් ඇතුළත්ය.
ඒ අතරින් 'අන්කහා' ප්‍රේම ගීතය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇති ගීතයක් වේ.
පියත් රාජපක්ෂ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු ඇළුම් කරන ගායකයෙකු බවට මේ වන පත් වී තිබේ.
රෝගීව සිටි කාලයේදී තම මවගේ රෝගයට අනුව තමන් ඇගේ මව යැයි සිතා සිටි බව ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා පවසයි.
ජනප්‍රිය සංගීත යුගලක් වන සරිත් සහ සුරිත් දෙසොහොයුරන්ට පසුගියදා මිනුවන්ගොඩදී පැවැති සංගීත උලෙළේදී දැඩි ආදරයක් රසිකයින්ගෙන් හිමි වී තිබේ.
බ්‍රිතාන්‍යයේ එළිදකින සාහිත්‍ය කෘති සඳහා වාර්ෂිකව ලබා දෙන 'බුකර් සම්මාන' 2022දී ලබා ගාත් කෘතිය වන ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Mali Almeda කෘතියේ සිංහලට පරිවර්තනය කළ ග්‍රන්ථය මේ වන විට මුද්‍රණය කර තිබේ.
ග්‍රැමී සම්මාන 2024දී ඉන්දීය බටනලා වාදක රාකේශ් චෞරසියා සිය රට වෙනුවෙන් රාකේෂ් සම්මාන දෙකක් දිනාගත්තේය.
භාරතීය සිනමාකරුවකු, නළුවකුව සිට එරට දේශපාලනයේ සාර්ථකත්වයට පත් වූ චිරන්ජීවි ඉන්දියාවේ උසස්තම සම්මානයක් ලෙස සැලකෙන පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම ගැන උපාහාර පිදුමක් ඊයේ (04) පැවැත්විණි.
වීඩියෝ නිර්මාණකරුවෙක් සහ ඡායාරූප නිර්මාණකරුවෙක් වන සෙනෝල් විජේබණ්ඩාර දායකත්වය දෙන ලද නි❌❌ස කෙටි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස නිමිත්තෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයකි.
සංජේ ලීලා බන්සාලිගේ බෙහෙවින් බලාපොරොත්තු තබා ඇති මීළඟ කතා මාලාව වන 'හීරාමණ්ඩි' ළඟදීම නිකුත් වීමට නියමිත වන අතර එහි පළමු පෝස්ටරයද මේ වන විට නිකුත් කර තිබේ.
දිගුකාලීනව වෙහෙස දරමින් විවිධ වූ අභියෝගවලට මුහුණ දෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාරයන් විසින් 'සොළොස්මාන' ශාස්ත්‍රීය එළිදක්වනු ලැබ තිබේ.
විදර්ශන සාහිත්‍ය ත්‍යාගය වෙනුවෙන් එහි සියලු තොරතුරු ඇතුළත් විශේෂ පුස්තකයක් නිකුත් කිරීමට නියමිතය. ඒ පිළිබඳව 'විදර්ශන' වෙතින් නිවේදනය කරනු ලැබ තිබේ.
අංජලී හේරත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11 අදියරේ ජයග්‍රාහිකාවයි. ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය පුරාවේ අංජලී ගායනා කළ ගීත විකල්ප ධාරාවේ අදහස් මවන ගීත වූ අතර 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් අංජලී ගායනා කළ ගීතය 'පරණ තැටිය' මේ දිනවල කතාබහට ලක් වේ.
සිය ජීවිත කාලය තුළ අඩසියවසක් නාට්‍ය හා වේදිකා නාට්‍ය අලෝකකරණය වෙනුවෙන් කැප කළ සරල නාමයෙන් නාට්‍ය ක්ෂේත්රයේ 'ලයිට් ගාමිණී' නමින් හඳුන්වන ගාමිණී හේමචන්ද්‍ර ඇගයුම් වැඩසටහන පසුගිය ජනවාරි 18 වැනිදා උත්කර්ෂයෙන් පැවැත්විණි.
ජනක මුණසිංහ රංගන ශිල්පියා ඊයේ (03) නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත වුණ මනමේ නාට්‍යයේ වැද්දා ලෙස තෝරාගනිමින් වේදිකාවේ රඟදැක්වීමට සහභාගි විය.
'My story will make you believe in God.' යනුවෙන් සඳහන් කරමින් එක්සත් රාජධානියේ UK Theatre Awards දිනාගත් Life of Pi වේදිකා නාට්‍ය ගැන හිමි වූ ප්‍රශංසා මෙන්ම ඒ සඳහා පුරෝගාමී නළුවකු හැටියට දායකත්වය දුන් ශ්‍රී ලාංකික නළු හිරාන් අබේසේකර අමතක කළ නොහැකිය.
ප්‍රවීණ ගී පද රචක සෝමපාල ලීලානන්ද අතීතාවලෝකන සිනමා දැක්ම සහ උපහාර උලෙළ 'යෞවන උයනේ' නමින් මේ මස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA)ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි. ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාවය ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ.
ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම සංචාරකයින්ට සහ ශ්‍රී ලාංකිකයින්ට විශේෂත්වයකි.