Uth Mirror සහ Weekend Mirror අන්තර්ජාල සඟරා විසින් පළමු වරට සංවිධානය කරනු ලබන අවුරුදු කුමරා සහ කුමරිය තරඟය සඳහා සහභාගි වීම අපේක්ෂා කරන තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවේ.
- Hits: 129
Uth Mirror සහ Weekend Mirror අන්තර්ජාල සඟරා විසින් පළමු වරට සංවිධානය කරනු ලබන අවුරුදු කුමරා සහ කුමරිය තරඟය සඳහා සහභාගි වීම අපේක්ෂා කරන තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවේ.
වැලන්ටයින් දිනය නිමිති කරගනිමින් ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් 1970 Love Story චිත්‍රපටය ආදරවන්තයින් යුවලකට ප්රවේශශපත් එක බැගින් නිකුත් කර නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබේ.
සිරස ටීවී රූපවාහිනී අනුග්‍රහය දැක්වූ My Y ආදරේ තරම් එළිමහන් වැඩසටහනට ජනප්‍රිය නිළි කාංචනා අනුරාධි සහභාගි වී සිටියාය.
මෙම සති අන්තය මට ඉතා ප්‍රසන්න වූවේ ලෙස්ටර් නගරයේ “දායාදය” ප්‍රසංගය වේ. එහි ප්‍රධාන වේදිකාව පසුපස වූ විවේකාගාරය තුලදී ඉන්ද්‍රචාප ලියනගේ හමු වූවේ දශක කීපයකට පසුවය. අවසන් වරට දකින විට ඔහු සිටියේ නව යොවුන් වියේ ශිෂ්‍යයෙකු ලෙසය. ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි අපගේ ඥාති පුත්‍ර මනුජ දිද්දෙනියගේ පාසල් සගයන් අතර සිටි දෙපලකි කසුන් කල්හාර සහ ඉන්ද්රචප ලියනගේ. පාසලෙන් පසුව සංගීත කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටි ඔවුන් තිදෙනා ඇතුළු ආනන්දයේ එවකට සිටි සංගීතය හා බැඳුනු දරු පිරිස, පාසලෙන් පසුව කසුන් කල්හරෙගේ ගොතටුව, මහනියර පාරේ තිබූ නිවසේ සංගීත පුහුනුවීම් වලට පැමිනේ. පුහුණු වීම් වලදී බඩගිනි වූ විට මනුුජ තම සගයන් කැඳවාගෙන එන්නේ නගරය ආසන්නයේ තිබූ අපගේ නිවසටය. ඒ කිසිම දිනෙක මගේ බිරිඳ සූජී, ඔවුන්ව බඩගින්නේ ඇරියේ නැත.
මාලිමා ලකුණ සහිත ජාතික ජන බලවේගයේ ඊයේ (11) පැවති අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුවට එහි දේශපාලන නියෝජිතයන්ද සමග 'කොඩිගහ යට' ටෙලිනාට්‍යයේ නිළි නිපුනි ශාරධාද සහභාගි වූවාය.
ආදරය නිමිති කරගත් වැලන්ටයින් දිනය නිමිත්තෙන් ෆ්ලෑශ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු 'ළඳේ' නමින් අලුත් ගීතයක් එළිදැක්වීමට සූදානමින් පසුවේ.
ප්‍රියා සූරියසේන යනු ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයට රසවත් සිංහල ගීත ගණනාවක් ගායනා කළ ගායකයෙකි.
සාරි ඇඳපු පිරිමි- විෂ්ණු වාසු
විෂ්ණු තමන්ගෙ පොතට පාදක කරගන්නෙ ලංකාවෙ තවමත් මිනිස්සුන්ගෙ නළල රැලි වට්ටන කලාපයක්. මට ඒක කියවන්න ගන්නකොටම මතක් වුනේ මගෙ ළමා කාලෙ අත්දැකීමක්. අපේ ගෙවල්වලට උඩින් පැතිරිලා තිබුන කන්දෙ ලයිම් කාමර පේලියක් තිබුණා. ඒ කොබවෙල වතු යායට අයිති ලයිම්. මේ ලැයිම් කාමරවල ඉඳලා දවසට දෙතුන් පාරක් දෙමල ගෑනු ළමයි කඩමංඩියට යනවා. ඒ යන අය අතරෙ හීනියට රැවුල එන, කාලවර්ණ සරීරයක් තිබ්බ, දිග සායක් වගේ එකක් එක්ක බ්ලවුසයක් ඇඳපු චරිතයක් යනවා. යාන්තමට තොල් රතු කරලා වගේ පේන වෙලාවලුත් තිබ්බා. ඒ කාලෙ ඒක ටිකක් අමුතුයි වගේ. ඒ චරිතය යද්දි ගමේ ඉන්න පිරිමි සමහරු මූණ අඹරන්න ගන්නවා. එක දවසක්දා කට්ටියක් ඒ පුද්ගලයගෙ ඇඳුම ගලවලා පරීක්ෂණයක් කළා කියලා ආරංචියකුත් ආවා. පස්සෙ කාලෙක ඒ චරිතය දකින්නත් නැති වුනා. මතක විතරක් ඉතුරු වුනා. හැබැයි විවිධත්වය දකින්න කියා දුන්න තාත්තෙක් හිටපු නිසා මට එදත් ඒ පුද්ගලයා වින්ද අපහසුතා ඇති කළේ දැඩි කනගාටුවක්.
භාතිය සහ සන්තුෂ් ගායනා කරන 'ලබැඳි කොමළියා' ගීතය මේ වන විට යූටියුබ් අංක 03හි වැඩි දෙනෙකු නැරඹූ ගීතය බවට පත් වී තිබේ.
අභිෂේක් බච්චන් පසුගියදා රසික අවධානය දිනාගත්ත සිදුවීමක් හැටියට 'තමන් ආදරය මවා පෙන්වන අයකු නොවේ' යනුවෙන් කළ සඳහන බොහෝ සේ කතාබහට ලක් වී තිබිණි. කෙසේනමුත්, ඔහු සහ සිය බිරිඳ අයිශ්වර්යා ළඟදීම රිදී තිරයේ එකට දක්නට ලැබෙන බවද අභිෂේක් පවසා තිබුණේ ඉන්දීය පුවත්පතකට පුවත්පත සමග කළ සංවාදයකට සහභාගි වෙමිනි.
තාබු, කරීනා කපූර් ඛාන්, ක්‍රිතී සැනොන් රංගනයෙන් දායක වන The Crew චිත්‍රපටය එළඹෙන මාර්තු 29 එළිදැක්වෙන බව බලාජි මෝශන් පික්චර්ස් සමාගම දැනුම් දෙයි.
සිංහල සිනමාවේ ආරම්භක යුගයේදී දමිළ අධ්‍යක්ෂවරුන්ගේ සම්ප්‍රාප්තිය දේශීය සිනමාවේ උන්තතියට විශාල දායකත්වයක් දැක්වූ බව නොරහසකි. වර්තමානයේද දමිළ අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය සිංහල සිනමාවට යම් ආලෝකයක් ලැබෙතැයි බලාපොරොත්තු තැබීමට හැකි වන ලකුණු විද්‍යාමානව පවතී.
රොමේශ් සුගතපාල මේ වසරේ සිය සංගීත ජීවිතයේ 20 වැනි වසර සපුරයි. 'වසන්තයේ සිත සැළුණා' ගීතයෙන් රසික හදවත් දිනාගත් රොමේශ් සිය 20 වැනි සංගීතමය වසර සැමරීම වෙනුවෙන් 'රොමේශ්ට විස්සයි' නමින් ගී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
ඒසං වූප සමෝසුඛෝ
මෙම ගාථාවේ සරල සිංහල අර්ථය වන්නේ: කිසියම් හේතුවක් නිසා හටගත් සියල්ල වෙනස්වනසුලු බවත්, ඒ සියල්ල ඉපදෙනවා සේ ම මිය යන බවත්, මෙසේ උපදින මිය යන වෙනස් වන ස්වභාවයෙන් මිදීම යනු සසරේ ඉහළ ම සුවය යන්න ය; එනම් නිවන යනු පරම සුවය යන්න ය.
එළඹෙන පෙබරවාරි 14 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වැලන්ටයින් දිනය නිමිති කරගනිමින් 'රතුපාට මල්', මං ටොමී හිල්ෆිගර්, පංචාලි නාට්‍ය තුන වේදිකාගත කෙරේ.
කාවඩි කූනන්ලාගේ ජීවිත පටන් ගන්නේ මුරුගන්ගෙනි. මුරුගන් නැතිනම් කාවඩි කූනන්ලාගේ අසම්පූර්ණය. එහෙයින් බොහෝ ජීවිතවල ආලෝකය වෙනුවෙන් කූනන්ලා ජීවිතාවසානයම තෙක් වැඩ කරති. කාවඩි යන අති විශේෂණ පදය කූනන්ගේ ජීවිතයට එකතු වූයේ කූනන්ගේ කුඩා වයසේදීමය. සිය සංස්කෘතියෙන් බැහැර හෝ පොදු සමාජයෙන් බැහැර අයවලුන්ට කාවඩිය නොවැදගත් එකක් වුව්වත් කූනන්ලා කාවඩියෙන් ජීවිත බොහෝ ගණනක් සුවපත් කරන්නෝය.
තමන් ගයන ගීතයේ වචනයකට බැණ වැදීමට පෙර මුළු ගීතයම අසන්නැයි ජනප්‍රිය ගායිකා යොහානි ජනතාවට ආරාධනා කරයි.
ජනප්‍රිය නිළි ශලනි තාරකා සිය නවතම නිර්මාණයෙන් යළි රසිකයින් අතරට එන බව ඊයේ (10) ඉඟි පළ කර තිබිණි.