lan englan tam

අතන මෙතන

සුදර්ශිය " ඩිජීටල් සිනමා" කතිකාවතට එන්න කියයි

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නවීන ඩිජීටල් තාක්‍ෂණය සිනමාවේ සෑම අංශයක් කෙරහිම මහත් බලපෑමක් ඇතිකරන යුගයක් අද උදාවී ඇත. අන්තර්ජාලය හරහා එකතුවන ලාංකීය සහ ජාත්‍යන්තර ප්‍රේක්‍ෂක ප්‍රජාව සිනමාවට ආශිර්වාදයකි. සිනමා පුහුණුව, නිර්මාණය, බෙදාහැරීම සහ ප්‍රචාරණය යන සමස්ත ක්‍රියාවලියම ඩිගිටල්කරණය වීම තුල නිශ්පාදන වියදම් අවම වේ. එම වාසිය සිනමා වේදීන්ට, සිනමාහල් හිමියන්ට හා ප්‍රේක්‍ෂක ප්‍රජාවට අත්වේ.

"එලඹෙන 10 වසරේ ඩිජීටල් සිනමාව" කතිකාවත හරහා ප්‍රවීන සිනමාවේදීන් හා තරුණ ප්‍රජාව පාලමක් ගොඩනැගීම තුලින් නවමු කෙටි සිනමා නිර්මාණ අස්වැන්නක් ලබාගැනීමට අදහස් කෙරේ. සිනමාවේදීන් මෙන්ම ප්‍රේක්‍ෂක ප්‍රජාවගේ සහභාගිත්වය ලබාගැනේ.

මෙම විවෘත කතිකාවතෙන් අප හඳුනාගන්නා අවශ්‍යතා පෙරදැරි කරගන්නා "සුදර්ශි සිනමා අස්වැද්දුම" දක්‍ෂ කෙටි චිත්‍රපට කරුවන් හඳුනාගෙන, සම්පත් හා පුහුණුව ලබාදීම තුලින් නවමු කෙටි චිත්‍රපට බිහිකර, එම එකතුව සතියක් තුලදී දිවයිනේ සියලුම ඩිජීටල් සිනමාහ‍ල් වල ප්‍රදර්ශනය කර ශ්‍රී ලංකාවේ දැවැන්තම කෙටි සිනමා සැණකෙලිය පැවැත්වීමට සැලසුම් කරයි.

සුදර්ශියේ පැවැත්වෙන කෙටි සිනමා උළෙලක් තුලින් අනාගත සිනමා නියමුවන් පරීක්‍ෂාවට භාජනය කෙරන පදනමක් වන අතර ලාංකීය සිනමාවට නව ජවයක්ද එකතු කිරීමට අදහස් කෙරේ.

1943 ලයනල් වෙන්ටඩ් කලාගාරය පාදක කරගෙන හැදුනු 43 කණ්ඩායමද, 1962 දී සුදර්ශිය හරහා සුගතපාලද ද සිල්වා මුල් කරගෙන අපේ කට්ටිය හරහා නාට්‍ය කලාව පෝශණය කල අයුරින්, 2017 දී සුදර්ශියේ අපි ඩිජීටල් යුගයේ නව සිනමාවකට මුල පුරන්නෙමු.

ඒ සඳහා අපගේ මුල්ම පියවර ලෙස 2017 පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන "එලඹෙන 10 වසරේ ඩිජීටල් සිනමාව" කතිකාවතට ඔබට ආරාධනා කරමු

Back to top
Go to bottom

Popular News