lan englan tam

විශේෂාංග

සම්මාන කියා ලණු දිම !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිට වසර ගනනාවකට පෙර සරසවි සම්මාන උලෙළ අවසන් වී සම්මාන දෙකකුත් අතින් ගෙන ශාලාවෙන් එලියට එන ප්‍රසන්න විතානගේ ගෙන් සම්මානනීය විම පිලිබදව මාධ්‍ය විමසුවිට ප්‍රසන්න කීවේ ලංකාවේ සිනමා සම්මානත් ලංකාවේ සිනමාවත් අතර කිසිම සම්බන්දයක් නැත යනුවෙනි,

 

මෙ ඇත්ත කතාව සිනමා සම්මාන පිලිබදව පමනක් නොව අප රටේ බොහෝ සම්මාන උලෙළවල් සම්බන්දයෙන් ද සත්‍යයකි , ඊයේ පෙරේදා තිබු රාජ්‍ය ගුවන් විදුලි හම්මාන දන්සැල ද එවැනිම මොඩලයේ වැඩකි, රෙඩියෝ වල වැඩකරන අයව අගය කිරිම හොද වැඩකි එහෙත් ගොනාට ඇන්දීම හෝ සම්මාන කියා ලණු දිම ? ,ඉනදියාවේ ෆිල්ම් ෆෙයා සම්මාන උලෙළ ජනප්‍රිය උදාහරණය ක් ලෙස සලකමු ඔවුන් එ සම්මාන දිමේදි 60°/. සලකා බලන්නේ එම සම්මානයෙන් කර්මාන්තය ට ඇති කරන බල පෑමයි, ඔසකා සම්මාන ද ලබා දෙන්නේ එ නියමයන්ට අනුවයි ,සිනමා කරමාන්තයක් නොමැති නම් සම්මාන උලෙළවල් කො ? එ අනුව ගත් කල මේ දුන් සම්මාන වලින් ලංකාවේ රෙඩියෝ කර්මාන්තයට සිදුකර ඇති බලපෑම කුමක්ද ?

මා නම් කියන්නෙ දශම ගානකවත් බලපැමක් නොවු බවයි, බල පැමක් නොමැති නම් මෙසේ ලියන්නෙ ඇයි දැයි කෙනෙක් විමසන්නට පුලුවන ,මෙසෙ ලියන්නෙ වෙන කිසවක් නිසා නොව මෙ සම්මාන ලණුව දිරවාගන්න බැරිව බොහො දෙනෙකු අමාරුවේ වැටිය හැකි බැවිනි, මෙ සම්මාන උලෙලේ සැලකිල්ලට ගත් සම්මාන පථයෙන්(categories) දෙස බලන්න මෙ සියල්ලම මිට දශක ගනනාවකට කලින් රෙඩියෝවෙ තිබු හැඩයන් ය එකෙන්ම මේ ජුරිය පිලිබදව සහා ඔවුන්ගේ යල් පිනු ඔලු ගෙඩි පිලිබ්දව තිරනයකට එලබිය හැක මේ ජුරියේ ඇත්තන තමන්ට විශව විදයාලයේ දි නොමිලේ ලැබෙන ඉන්ටර්නෙට් බාවිතා කොට ලෝක රෙඩියෝ සම්මාන දෙස නිකමටවත් එබි බලා නැත, මෙයින් සිදුවන අනර්ථය නම්, සම්මාන ලාබි රෙඩියෝ මිතුරන් මාර වැඩක් මම කාලා යැයි සිතමින් අර පැරණි මිනුම් දඩු උගුලේ හසුවීමයි,

මෙ උලෙල පැහැදිලිවම අටවා තිබුනේ රජයේ ආයතනයක් ඔසවා තබන්නටය , මෙ තරගකාරි රෙඩියෝ කර්මාන්තය තුල මෙවැනි ගොන් පාට් වලින් අසන්නන් දිනා ගත හැකිද ,අදාල අයතනයක මිත්‍රයෙක් මා සමග කියා සිටියේ අවසනයේ මේ ගොන් පාට් එක ශාලාවෙ උන් උදවිය දැන සිටි බැවින් සම්මාන ගැනිමට වෙදිකාවට නැගීම පවා ලැජ්ජා සහගත වු බවයි, එම අයතනයෙම සම්මාන ලාබි මිතුර්‍රියක් පැවසුවේ අපරදෙ නෙලුම් පොකුනට වියදම් කලෙ ඒක අපේ හොල් එකකම තැබුවානම් ඉවරයි කියාය, මෙ කාරනා මගින් ගම්‍ය වන්නේ ඔවුන් බලාපොරොත්තු වු කාරනාව තුලම ඔවුන් ජොක් එකක් වි ඇති බව නොවේද ? මෙ රෙඩියො 40 ගනනක් අතරින් හොදම රෙඩියෝ ඇත්තේ එකක් පමනද ? සම්මාන 30 කින් 23 කම රජයේ නාලිකවක් ලාබා ගැනිම ඇතුලෙම වැඩේ තෙරෙනවා නොවෙද ? එතකොට අපි සියඹලා ගෙනල්ලම නැද්ද, එතකොට මෙ රටෙ රෙඩියෝ අසන්නන්ගෙන් 90°/. ඉන්නෙ පුදගලික නාලිකා සමගය එ තර්කයෙන් ගත් කල මෙ බහුතරය පිලිබද නිගමනය කුමක්ද ?

එ සමගම ඔවුන් කියනා අනෙක් තර්කය නම් ප්‍රමිතිය පිලිබද කාරනයයි, ප්‍රමිතය කියන්නනේ කුමක්ද ? ප්‍රමිතිය යනු ජුරි සභිකයින් ගේ අතිත සමරනයන්ද එය එසේ නම් එයින්ම පසක් වන්නෙ මේ මහත්තුරු කවුරුවත් 90 දශකයේ මුල් යුගයෙන් පසුව බස් එක්ක යනකොටවත් සිංහල රෙඩියෝ අසා නොමැති බව නොවේද ? මා විශවාස කරන පරිදි යම් නිශ්පාදනයක ප්‍රමිතිය තිරනය කරන්නෙ එය පාරිභොජනය කරන පාරිභෝගිකයා සහා පාරිභෝගික සිතුවිලි ඉතා සියුම්ව හා තීක්ෂණ ව ග්‍රහණය කර ගන්නා නිශපාදකයාය, මෙසේ යල් පිනු භාන්ඩ වෙළෙඳ පොලට පැමිනිමෙන් සිදුවන අනර්ථයක අමුතුවෙන් පහාදා දිය යුතු නැත මේ රටෙ මේ විහිලු උලෙල එසෙම පැවැතෙද්දි පසු ගිය සති කිපයේ රෙඩියෝ ලෝකයේ සැබැ වැඩ කරුවන්ට ලාංකේය රෙඩියෝ වෙළෙඳ පොල තුලින්ම සම්මාන හෙවත් වටිනාකම් සහා අගය කිරීම් ලැබිනි, හිරු හී අරා Aravinda DjArah ට සහා දිස්නාටත් Disna Munasinghe තව කිප දෙනෙක්ටත් සියතින් එය ලැබිනි නෙත් හි චන්දිමට Chandima Darshanath Suriyarachchi හිරු වෙතින් එය ලැබිනි, සිරසේ තරංගාට Tharanga Nanayakkara නෙත් වෙතින් එය ලැබිනි , ශ්‍රි හි අලා Asanka Alahakoon ට ගැමුනුට සිත වෙතින් එය ලැබිනි , රෙඩියෝ ප්‍රවර්දනය වෙනුවෙන් ජිවිතයේ හොදම කාලය වියදම් කල හිරු හි ඩිලංකට Dilanka de Soysa ,මොක්ශට Moksha Prasad ඒ අගය කිරිම හිරු වෙතින් ලැබිනි , තවත් බෝහෝ අගය කිරීම් අපේ කර්මාන්තය තුල පසුගිය දින කීපයේ සිදුවිය , තවත් බොහො දෙනෙකුට ද අගය ලැබා දිම් ආවද තම තම රුචි අරුචිම් අනුව එවා නොපිලි ගත්තෝද වුහ.

කෙසේ වෙතත් ඒ සම්මාන පිදුනේ අපේ රේඩියෝ කරමාන්තයේ සැබැ වැඩකරුවන්ටය.( මා මෙ අවසානයේ සදහන් කල සම්මාන උලෙළෙ යටින් සිටි සංවිධායක යා කැළුම් පාලිත මහිරතන Kalum Palitha Maheerathne බවද නොකිව මනාය ) කෙසේ හෝ මෙමගින්නම් ලංකිය රෙඩියො කර්මාන්තයේ යම් පිපිදිමක් ඇතිව ඇත මහෙන් නැවත ශ්‍රි වෙත පැමිනිමද අමතක නොකල යුතු කර්මාන්තය පැත්තෙන් ඉතාමත් සාදනීය ආගමනයකී, එය මේසේ සිදුවුවත් අර රාජ්‍ය සම්මාන විකාරයෙන් නම් අපෙ රෙඩියෝ කාලාවට සිදුවන ඉටි ගෙඩියක් නැත, සිදුවන්නේ රෙඩියෝව තාම අත පත ගානා දුහුනන් පිරිසක් ලනු කැම පමනි , එය ජාතික පාපකි, එ සමගම ජුරි සභිකයින් ට හා සංවිධායකයින්ට අපි අදරයෙන් ආරාධනා කරන්නේ මහත්වරුනේ නෝනා වරුනි මෙ වැනි බරපතල වැඩක් කිරිමට පෙර ඉද හිට හෝ රෙඩියෝ අහන්න , පිරිත් ඇසිමට පමනක් මේ මාහා යන්ත්‍රය පාවිච්චි නොකරන්න ඔබ රෙඩියෝ ඇසු කාලයට වඩා ලොකයෙත් ලංකාවෙත් රෙඩියෝ කලාව බොහො දුර ගොස් ඇත, අවශ්‍ය නම් ලංකිය රෙඩියෝ කර්මාන්තයේ සක්‍රිය පිරිසක් ලෙස කුලරුවන් කුසුම්තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අසෝක ඩයස් ,සුදේව හෙටිටිඅරචි ,ධම්මික තෙන්නකෝන් ,ප්‍රසන්න ජයසුන්දර , ශිහාන් බරණගේ සහ මාද අතුලුව ලෝකයෙ නව රෙඩියෝ ප්‍රවනතා ද සැලකිලට ගනිමින් රේඩියො සම්මාන පිලිබදව කෙටුම් පතක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේඛම් වරයාගෙ අරාධනය පරිදි සකස් කර ඔහු වෙත බාරදි ඇත , එය හෝ අමාත්‍යාංශයේන් ලාබා ගෙන් කියාවා ඉන්න, අහසින් පාත් වී අපේ කර්මාන්තයට අතනොතබන්න , රෙඩියො සම්මාන දිමට පෙර , කාලයක් තිස්සෙ කරල පුරුදු නාට්‍ය සම්මාන උලේළවත් අඩු ගානේ හරියට කරල ඉන්න.

- NU1-

Back to top
Go to bottom

Popular News