lan englan tam

විශේෂාංග

රස බේරෙන පුඩිං කමු

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

 

මේ එළඹිලා තියෙන්නේ පාසල් නිවාඩු කාලය යි. ඉතින් මේ වගේ කාලයකදී දරුවන් සහභාගී කරගෙන හදන්න පුළුවන් අතුරුපස වර්ග කිහිපයක් හඳුන්වා දෙන්න අද අපි සුදානම්. රස වෑහෙන පුඩිං කන්න කුඩා දරුවන් විතරක් නෙවෙයි වැඩිහිටියන් පවා හරි කැමතියි. ඉතින් ඒ නිසා කැරමල් පුඩිං, චොකලට් ක්‍රීම් පුඩිං, ඇපල් පුඩිං, මාරි බිස්කට් පුඩිං හදාගන්න ලේසි ක්‍රම ගැනයි අපි කියා දෙන්නේ.

කැරමල් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක්මේඩ් ලොකු ටින් 1
  • ෆ්‍රෙශ් මිල්ක් 500 ml
  • බිත්තර 10
  • වැනිලා එසන්ස් 1 තේ හැඳි
  • කැරමල් එක සදහා සීනි 100g පමණ
     

සාදන ක්‍රමය:

මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න. බිත්තර මිශ්‍ර කර ඉන්පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් කලවම් කරන්න. පසුව වැනිලා එකතු කරන්න. සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න. නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.

 

Chocolate Cream Pudding

 

චොකලට් ක්‍රීම් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු සීනි කප් 1
  • කෝන්ෆ්ලා මේස හැඳි 2
  • කිරි කප් 2
  • කුඩාවට කපාගත් කුකින් චොකලට් 30g
  • බිත්තර කහමද 2
  • බටර් මේස හැඳි 2
  • වැනිලා තේ හැන්දක්

භාජනයක් ලිප තබා එයට කිරි ටික එක් කරගන්න. එයට සීනි, කෝන්ෆ්ලා එක් කර මිශ්‍ර කරන්න. එයටම චොකලට් කැබලි ද එකතු කරගන්න. චොකලට් දිය වෙන තුරු නොනවත්වාම හැඳි ගාන්න. ලිපෙන් ඉවත් කර කමහද එක් කර ඉක්මණින්ම මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාන්න.ඉන්පසු ලිපෙන් ඉවත් කර බටර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකකට දමාගන්න. නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2ක් තබා පිළිගන්වන්න.

 caramel apple pudding 8139 1
   

  ඇපල් පුඩිම 

අවශ්‍ය ද්‍රව්‍ය

  • දිය කරගත් බටර් කප් 1\2
  • සුදු සීනි කප් 1
  • පාන් පිටි කප් 1
  • බේකින් පව්ඩර් තේ හැඳි 2
  • පොතු හැර චොප් කරගත් ඇපල් කප් 2
  • කුරුඳු කුඩු තේ හැඳි 1

අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තබාගන්න. සීනි, පිටි, බේකින් පව්ඩර් සහ කිරි හොඳින් මිශ්‍ර කරගන්න. භාජනයක් ලිප තබා සීනි මේස හැන්දක් වතුර තේ හැන්දක් දමා සීනි ටික කැරමල් කරගෙන එයට ඇපල් සහ කුරුඳු කුඩු එක් කර මිශ්‍ර කරගන්න. ඇපල් තරමක් පිසීගෙන එන විටම ඉවතට ගෙන කලින් සාදාගත් මිශ්‍රණයට එක් කර බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක දමා විනාඩි 30ක් බේක් කරගන්න.

 

oescqQcgfhahg bigger

මාරි බිස්කට් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක් චොකලට් 300g
  • කිරි මේස හැඳි 2
  • බටර් 125g
  • මාරි බිස්කට් 125g
  • කජු 50g
  • වියලි මිදි 25g

චොකලට් සහ කිරි බාජනයකට දමා රත් වෙන්න තබන්න. එයටම බටර් එක් කර චොකලට් සහ බටර් දිය කරගෙන ලිපෙන් ඉවතට ගන්න. මෙයට කුඩාවට කඩාගත් බිස්කට්, කපාගත් කජු සහ වියළි මිදි එක් කරගන්න. හොඳින් බටර් තැවරූ කේක් තැටියක දමා අවම පැය 4ක් ශීතකරණයේ තබාගන්න. වෙනම චොකලට් 100gක් ගෙන කිරි මේස හැඳි දෙකක්, බටර් මේස හැඳි දෙකක් දමා පෙර පරිදිම දිය කරගෙන ශීත කරගත් බිස්කට් කේක් එක උඩට වත් කර නැවත පැය දෙකක් පමණ ශීත කර තැටියෙන් ඉවතට ගෙන පිළිගන්වන්න.

 
Back to top
Go to bottom

Popular News