lan englan tam

Mango and Cucumber Lassi

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවෙ අවුරුද්ද පුරාම රසවඳියහැකි පළතුරක් තමයි අඹ.ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් අපිට විවිධ රසයෙන් යුත් අඹ රසවිඳින්න පුළුවන්.ඔබ දන්නවනෙ අඹ වල විටමින් A සහ C බහුලව අඩංගු බව. ඒ වගේම තමා පළතුරු අතර ප‍්‍රණීත මෙන්ම ගුණදායි පළතුරක් විටමින් බහුල නිසා. අනිත් එක අපේ වෙළඳපොළෙන් අධික වියදමක් නොකර ග්නන පුළුවන් පළතුරක් අඹ.

ඔබ අඹ රසවිඳින්නේ කෑමෙන් සහ යුෂ පානයකින් එහෙත් නැතිනම් අඹ මාලුවක් සේ පිස ගැනීමෙන්.
මිරර් ආර්ට්ස් රස ආහාර තළින් ඔබ මෙතෙක් රසවිඳ නැති පෝෂ්‍යදායි ආකාරයකින් අඹ රසවිඳින්න හැකි ආකාරය පවසනවා.

මේ පානය පායන කාලෙට ඉතා හොඳ පානයක්.

Mango and Cucumber Lassi

අවශ්‍ය දුව්‍ය -

හොඳින් ඉදුුණුු අඹ ගෙඩි 02(බෙරි නොවුණු)
මධ්‍යම ප‍්‍රමාණයේ පිපික්‍ඥා ගෙඩි 01
ප්ලේන් යෝගර්ට් කෝප්ප 3/4
කිරි කෝප්ප 1/3
අයිස් කැට අවශ්‍ය ප‍්‍රමාණයට
මින්ට් කොල කිහිපයක්

දැන් ඔබ සූදානම්වන්න හදාගන්න

සාදන ක‍්‍රමය-

1.අඹ හොඳින් සෝදා ලෙලි ඉවත් කරගෙන සිහින්ව කෑලි වලට කපාගන්න
2.පිපික්‍ඥා ගෙඩියේද ලෙලි ඉවත් කර අඹ කපාගත් ආකාරයටම කෑලිවලට කපන්න.
3. කපාගත් අඹ , පිපික්‍ඥා, කිරි සහ යෝගර්ට් ද අයිස් කැට ද බ්ලෙන්ඩරයට දමන්න.
4. සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මෙය මෘදු වෙනතුරු බ්ලෙන්ඩ් කරගතයුතුයි.

5.වීදුරු වලට දාමා පිළිගැන්වීමට පෙර මින්චි කොළයකින් සරසන්න.
මෙය ඉතා රසවත් ප‍්‍රණීත මෙන්ම පෝෂණයෙන් යුතුයි. මෙහිදී සීනි බාවිතය ට ගන්නෙ නැහැ. පොඩි දරුවෙකුට මෙය දීමේදී යම් ප‍්‍රමාණයක් සීනි ඇතුළත් කළ හැකියි. නමුත් සීනි මිශ‍්‍රණය නොකර මෙය රසවිඳින්න දෙනවානම් වඩාත් හොඳයි

Back to top
Go to bottom

Popular News