lan englan tam

මාධ්‍යවේදීන්ටත් ජනපති සම්මාන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් විසින් ඉටු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් 2018 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීම පිණිස රජයේ අවධානය යොමුව තිබේ.

ජනපති ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීන්ගේ බහුවිධ දක්ෂතා හා සුවිශේෂ නිපුණතාවන් හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කිරීමටත්, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා නිසි මඟපෙන්වීම් ලබා දෙමින් ඔවුන් අභිප්‍රේරණය කිරීමටත්, යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීමටත්, සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා මාධ්‍යවේදීන් පෙලඹවීමටත් කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බව එහිදී ප්‍රකාශ වී ඇත.

Back to top
Go to bottom