lan englan tam

පුවත්

ජාතික කියවීමේ මාසයේ සම්මාන ප්‍රදානෝත්සවය අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය පොදු පාඨක ප්‍රජාව අතර පොත පත කියවීම දිරිගැන්වීමේ අරමුණින් 2004 වසරේදී ප්‍රකාශයට පත් කළ ජාතික කියවීමේ මාසය වැඩසටහනේ සම්මාන

ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

2015 වසරේදී ප්‍රාදේශීය වශයෙන් කියවීම් ප්‍රවර්ධන වැඩසටහන් ඉටුකළ පුස්තකාල අතුරින් දිස්ත්‍රික්, පළාත් හා සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ හිමිකරගත් පුස්තකාල 75ක් සඳහා සම්මාන සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීම මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතය.

මීට අමතරව ග්‍රාමීය පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ පාසල් පුස්තකාල 05ක් සහ මහජන පුස්තකාල 05ක් සංවර්ධනය කිරීම සඳහා රු.15,00000/= ක් වටිනා ලී බඩු උපකරණ හා රු.500,000/=ක් වටිනා පොත් කට්ටල ප්‍රදානය කිරීමට ද නියමිතය.

Back to top
Go to bottom

Popular News