lan englan tam

පුවත්

‘මතක පද‘ ගෙනා ගැමුණු සිතට යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 රන්වන් එෆ් එම් එකෙන් ‘මතක පද‘ අහන කාටත් ගැමුණු ජයන්ත වන්නිනායක මතක ඇති.

ගැමුණු ජයන්ත රන්වන් එෆ් එම් හි ඉවත්ව සිත එෆ් එම් සමඟ කටයුතු කරන්න තීරණය කර ඇති බව මිර්ර් ආර්ට්ස් වෙත වාර්තා වුනා.

මේ වන විටි හුගක් අයගෙ සිත ගන්න සමත්වෙලා තියන සිත එෆ් එම්  ගැමුණුගෙත් සිතත් ගත්ත නිසා සිත එෆ් එම් එකට ගිහින්.

 ඉතාම සාරවත් හා සෟන්දර්යාත්මක වුත් මතකයන් ගීත රසවින්දනය ඔස්සේ සියලු කේෂත්‍රයන් හි පුද්ගලයන් සමඟ  නිදහසේ කතා බහ කරන වෙනස්ම අකාරයේ රේඩියෝ වැඩසටහනක් ගැමුණු මෙහෙයවූ  ‘මතක පද ‘ වැඩසටහන.

බහුතරයක් එෆ් නාලිකා ලාබ හොයන වෙලාවක මතක පද වැඩ සටහනින් ගැමුණු රේඩියෝ කලාවට අලුත් වෙනසක් එක්කළා.

 ගැමුණු තමන්ගේ නික්ම යාම ගැන මෙන්න මේ වගේ සටහනකුත් මුහුණු පොතට එක්කර තිබුණා.

''End of my Era at EBC..!! 

ආශ්වාසය තරමටම විශ්වාසය ඇති තැනක උරුම දේ සහ නරුම දේ තෝරා ගත හැක.
මුන ගැහුණු තැන් වල මඟ හැරුණු අයත්, මඟ හැරුණු තැන් වල මුන ගැහුණු අයත් ඇත. ඒ හැමට ප්‍රණාමය..!!''

 

Back to top
Go to bottom

Popular News