lan englan tam

පුවත්

“ට්‍රම්ප් නිසා ස්ටම්ප් වූ ලෝකය”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අක්ෂය සාමූහිකය මගින් මාසිකව පවත්වන වීවෘත සංවාද කවයේ පස්වැන්න එළඹෙන පෙබරවාරි 11 වන සෙනසුරාදා දින දහවල් 1.00ට, කොල්ලුපිටිය, ලංකා වෙළද, කාර්මික හා පොදු සේවක සංගමයේ(CMU) මූලස්ථානයේදී පැවැත්වේ. මෙදින සංවාදය සදහා යෝජනාවී ඇත්තේ “ට්‍රම්ප් නිසා ස්ටම්ප් වූ ලෝකය” යන මාතෘකාවයි.

 ට්‍රම්ප්ගේ ජයග්‍රහණය නිසා ලෝකයේ මෙතෙක් පැවැති ගෝලීය සමතුලිතය ස්ටම්ප් වී ඇති අතර 'දිවයින' පුවත්පත ඇතුලු ලංකාවේ සකල විධ ජාතිවාදීහු සතුටින් බම්ප් වෙමින් සිටිති. ට්‍රම්ප්ට පසු ලෝකය කොයිබටදැයි සංවාද කිරීමට මෙම සංවාදට සහභාගී වීමට ඒ සදහා උනන්දු ඔබ සියළු දෙනාටම ආරාධනා කරමු.

දිනය : පෙබරවාරි 11 වන සෙනසුරාදා

වේලාව : ප.ව.1.00 ට

ස්ථානය : ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය (CMU) 

            බාලා තම්පෝ පටුමග, කොල්ලුපිටිය.

            (Sasakawa Hall ඉදිරිපිට)

සංවාද ප්‍රවේශයන්

01. සුමිත් චාමින්ද (ෆ්‍රැක්සිස් සාමූහිකය)

02. බාලසිංහම් ස්කන්ධකුමාර් (වමේ හඩ සංවිධානය) 

03. ශ්‍රීනාත් පෙරේරා (එක්සත් සමාජවාදී පක්ෂය)

විමසීම් : ඉන්දික බණ්ඩාර  - 071 769 9049

           නජිත් ඉන්දික    -  071 490 2071

 

Back to top
Go to bottom

Popular News