lan englan tam

පුවත්

ස්වර්ණ පුස්තක සම්මානය සමග හත් ලක්ෂ පනස් දහසක තෑගි මුදලක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 2017 ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේදී සම්මානය සමග හත් ලක්ෂ පනස් දහසක තෑගි මුදලක්ද පිරිනැමේ. අවසන් වටය සදහා තෝරාගනු ලබන නවකතා 5 වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමටද සංගමය කටයුතු යොදා ඇත.

නවකතාව සදහා පමණක් මෙතෙක් පැවැති ස්වර්ණ පුස්ත සම්මාන ප්‍රදානෝත්සවයේදී   මෙම   වසරේ සිට හොඳම කාව්‍ය කෘතිය සහ හොදම කෙටිකතා කෘතියටද සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමය තීරණය කොට ඇත.

පළමුව තෝරාගන්නා කෙටිකතා කෘති 3ක්  සඳහා රුපියල් 50,000.00 බැගින් පිරිනමනු අතර හොදම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්‍රවන රජත පුස්තක සම්මාන ලාභියා වෙනුවෙන්  රුපියල් 2,50,000.00ක් මුදලක් හිමිවේ.

එසේම පළමු වටය සදහා තෝරාගන්නා කාව්‍ය කෘති 3ක් සදහාද රුපියල් 50.000 බැගින් පිරිනැමෙන අතර හොදම කාව්‍ය කෘතිය සදහා රජත සම්මානය සමග රුපියල් 2 ,50, 000.00 ත්‍යාග මුදලක්ද පිරි නැමේ

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සදහා නවකතා 96ක් ද, රජත පුස්තක සම්මානය සදහා කාව්‍ය ග්‍රන්ථ 67ක් සහ කෙටිකතා 47ක් ඉදිරිපත් කර ඇත.

ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ කෘති ඇගයීම සුපුරුදු පරිදි ම සිදුවන අතර පාදක මණ්ඩලය වෙත මෙවර ලබා දුන් කෘති 96 අතරින් කෘති 12ක් හෝ 15ක් තෝරා දීමට නියමිතය. එම කෘති 15 අතුරින් කෘති පහක් තෝරා දීම පැවරෙන්නේ මධ්‍යය මණ්ඩලයට යි. මධ්‍යය මණ්ඩලයෙන් තෝරා දෙන කෘති පහ අතුරින් ස්වර්ණ පුස්තකය තෝරා දීමේ වගකීම පැවරෙන්නේ උත්තරිතර මණ්ඩලයට ය.

මෙවර ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ පාදක මණ්ඩලය සඳහා: එච්. ඩී. එස්. මල්කාන්ති, නාලන් මෙන්දිස්, කුලරත්න ආරියවංශ, සුලෝචන වික්‍රමසිංහ, කුල ශ්‍රී කාරියවසම්, ශ්‍රීමතී චන්ද්‍රලතා මුණසිංහ, ප්‍රගීතිකා ජයසේකර, අශෝකා තිලකරත්න, සුමුදු චතුරානි ජයවර්ධන, රෝහිත වනිගසේකර, ජයසිරි අලවත්ත, රෝහණ වෙත්තසිංහ සහ සමන් නන්දලාල් යන මහත්ම මහත්මීහු ද, මධ්‍යය මණ්ඩලය සඳහා: විමලනාත් වීරරත්න, පුංචිබණ්ඩා ගල්බ, විජිත වෙලගෙදර, බෙනට් රත්නායක යන මහත්වරු සහ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය ද, උත්තරීතර මණ්ඩලය සඳහා: ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු තෝරා පත් කරගෙන ඇත..

කෙටිකතා කෘති විනිශ්චය  සඳහා: මහාචාර්ය සෝරත්න බාලසූරිය, විකුම් ජිතේන්ද්‍ර, හේමන්ත අමරසිරි, ජයසිරි අලවත්ත, විමලනාත් වීරරත්න, ඒ. ඩී. රංජිත් කුමාර, මිහිර අරවින්ද, නිමල් ඒකනායක, නීල් විජයරත්න මහත්වරු සහ එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය පත්කරගෙන ඇති අතර කාව්‍ය කෘති විනිශ්චය සඳහා: ලාල් හෑගොඩ, රවි සිරිවර්ධන, කුලරත්න ආරියවංශ, කුසුම්සිරි විජේවර්ධන, ගීතනාත් කුඩලිගම, ශාන්ත කුමාර විතානගේ යන මහත්වරු සහ පුෂ්පා ඉලංගංතිලක සහ පද්මිණි මාතරගේ යන මහත්මීහු තෝරා පත්කරගෙන ඇත.

මෙවර ස්වර්ණ පුස්කතක සම්මාන ප්‍රදානෝත්සවය  සැප්තැම්බර් 09 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රජත පුස්තක සම්මාන උළෙල ජුනි මස අවසන් සතියේ පවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

Back to top
Go to bottom

Popular News