lan englan tam

පුවත්

ශිල්පීය විනයක් ඇති ළමා සම්මානලාභියා - මනුල මෙත්සර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2023 ලෙස්ට සුමිත්‍රා අනුස්මරණ ජාතික යෞවන චිත්‍රපට උළෙලෙහි

විවෘත අංශයෙහි හොඳම නළුවා සහ crowns international film festival හොඳම නළුවා | මනුල මෙත්සර ❤️

මනුලගේ උපන්ගම ත්‍රිකුණාමල උතුර ප්‍රදේශයෙහි සුන්දරතම ගම්මානයක් වන මොරවැවයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ජල කඳක් හිමි මොරවැව නිසාම ඇතැම් විට මේ නම මේ ගමට පටබැඳෙන්නට ඇත.
 
මනුලගේ පියා වෘත්තියෙන් ගොවියෙකි.එවකට (2023) මනුල මොරව දකුණ සිංහල විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි.පාසල තුළ නිහඬ චරිතයක් උරුම කරගත් මනුල ගේ නළුකම අද්විතීයය.
 
මනුලගේ හත්මුතු පරම්පරාවේවත් නළුවෙක් ගෑවී නැත. නළුකම සේම ගොවිකමද මනුලට ඉතා හුරු පුරුදුය. මනුල මට හමුවන්නේ මොර වැව දකුණ සිංහල විද්‍යාලයේදීය.
 
එහෙත් මනුල නම් නළුවා අපට හමුවන්නේ පොකට් සිනමා ජංගම සිනමා ශාලාව තුළදීය. දුවදුවා වැඩි සේක කෙටි චිත්‍රපටය වෙනුවෙන් මනුල තේරී පත්වූ දින සිටම පාසල් කාලච්ඡේද තුළත් මේස රෙද්දකින් සිවුරක් සේ හැඳගනිමින් සිදුකළ පුහුණුව පසුකාලීනව මල්ඵල ගැන්වූ බව පසක් කළ යුතුමය.
 
නිර්මාණ කාර්ය තුළ වැඩ කටයුතු කිරීමේදී සාමාන්‍ය කුඩා දරුවෙකුට එහා ගිය ශිල්පීය විනයක් ඔහු සතුය. ඒ පිළිබඳව අප ඔහුට ස්තූතිවන්ත විය යුතුමය. රූගත කරන අවස්ථාව තුළ ලබාදුන් කිසිදු විධානයක් කිසිදු අයුරකින් ඔහු අමතක කළේ නැත.ඔහු රඟපාන්නට අමුතුවෙන් උත්සාහ කළේ ද නැත.දින දෙකක් පුරාවට රූගත කිරීම් වෙනුවෙන් කළ කැප කිරීම අග්‍රගන්‍යය.
 
ඔහු මෙම කෙටි චිත්‍රපටය තුළ ද්විත්ව චරිත නිරූපණය වෙනුවෙන් පෙනී සිටි.එම චරිත දෙක ඉතා සියුම් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට මනුල ගත් වෙහෙස අපමණය.
 
ඇතැම් වචන නිවැරදිව උච්චාරණය නොවන බව දැනගත් ඔහු නැවත නැවත එම වචන උච්චාරණය වෙනුවෙන් තනිව කළ පුහුණුව ඔහු කෙරේ හදවතේ ගැඹුරුම තැන ප්‍රේමයක් ඉපැද්දුවාය.කෙසේ හෝ කෙටි චිත්‍රපටය මේ වන විට බොහෝ ජයග්‍රහණ අත්පත් කරගෙන හමාරය.
 
ඊටත් වඩා සුවිශේෂීම ජයග්‍රහණය ජංගම සිනමා ශාලාව තුළ මෙම කෙටි චිත්‍රපටය 6000කට ආසන්න ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹා තිබීමය.ඒ සියලු ජයග්‍රහණ වෙනුවෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස මනුලට ස්තූති පූර්වක විය යුතුය.
 
කිසි විටෙක මනුල මගේ ගෝලයකු නොව මන්ද පුද්ගලිකව මට ගෝලයන් නැත.එම වචනයේ භාවිතා කිරීමටද මාගේ කිසිදු කැමැත්තක් නැත.පාසල තුළ ඔහු ශිෂ්‍යයා පමණකි.නිර්මාණ තුළ ඔහු නළුවෙකි.ජාතික චිත්‍රපට උළෙල සේම, අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලවල් ගණනාවක දුවදුවා වැඩි සේක තරගකාරී අංශය තුළ තරග වැදුණාය.
 
සිලෝන් international film festival හී කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටර්බාබරා හි මෙම කෙටි චිත්‍රපටය තිරගත වූවේය. මනුලගේ රංගනය වෙනුවෙන් ප්‍රශංසා අන්තර්ජාලය හරහා ගලා ආවේය. 
 
   මනුල දැන් ඉගෙනුම ලබන්නේ අට ශ්‍රේණියේය.මට අනුව මනුල අනාගතයට වටිනා නළුවෙකි.එහෙත් කොළඹටම පමණක් අවකාශය විවරවී ඇති ලංකාවේ කලාව තුළ මනුලගේ නළුකම ඕනෑම මොහොතක වියළී යා හැකිය.
 
අවසාන වශයෙන් නැවත වරක් පොකට් සිනමා ජංගම සිනමා ශාලා කණ්ඩායම වෙනුවෙන් මනුලට ස්තුති පූරක වෙමි.මන්ද ඔහුගේ මේ කැපවීම පොකට් සිනමා ජංගම සිනමා ශාලාව සේම දුව දුවා වැඩි සේක කෙටි චිත්‍රපටයද රැගෙන ගිය දුර බෝමය.මනුලට නැවත නැවතත් ආදරයම අමුණමි.
 
දමිත් අලුත්ගම
#PocketCinema
Back to top
Go to bottom

Popular News