lan englan tam

පුවත්

'ගුරු ගීතය' කියවා ආරම්භ කළ 'සොබාදහම් පාසල'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාහිත්‍ය කෘතියකට කළ නොහැකි දෙයක් බව සනාථ කළ තවත් එක් සිදුවීමක් පසුගිය සතියේ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පළ කර තිබිණි.

ඒ තමන් විසින් ආරම්භ කරන ලද 'සොබාදහම් පාසල' ගැනය.

විකල්ප අධ්‍යාපන ක්‍රමයක් ගැන පළමු අදහසක් මට ආවෙ " ගුරැ ගීතය " කියෙව්වට පස්සේ. දෙදහස් නවය වෙද්දි මට බන්කර් රොයිගේ විකල්ප පාසලට යන්න හැකියාවක් ලැබෙනවා. ආචාර්ය වන්දනා ශිවා එක්ක හා පරිසරවේදී පියල් පාරාක්‍රම සමග තිබු සාකච්ඡා වල ප්‍රථිපලයක් ලෙසත්, ජනතා විමුක්ති පෙරමුණෙ දේශපාල ක්‍රියාකාරකම් සියල්ල සමඟ විකල්ප පාසලක් ආරම්භ කරන්න තිබුණු ආශාව හා කැමත්ත සමඟ සොබාදහම් පාසල පටන් ගන්න හැකි වුණා.
ඒ පාසලට වෑකඳවල රාහුල හිමි අපමණ මහන්සියක් ගත්තා. ආදරය සහ ලිංගිකත්වය,මානව සම්බන්ධතා පිළිබඳ කියවා ගැනීමේ ගැටලුත් , දේශපාලන කුමන්ත්‍රණයකුත් ( දේශපාලනිකව යම් කණ්ඩායමකට හානියක් සිදුවේ යන හැඟීමෙන් විස්තර නොලියමි) නිසා දෙදහස් විසි එකේ මම එම පාසල කරගෙන යාමට ඉඩදී මම එයින් ඉවත් වීමට තීරණය කරනු ලැබුවා. අපට විශ්වීය අදහසක් පිලිබඳ හැඟීමක්, අත්නොහරින ලෝකය යහපත් තැනක් බවට පත් කර ගැනීමේ උවමනාවත් නිසා ලොකයේ කෙහේ හෝ නැවත එවන් පාසලක් ආරම්භ කිරීමට සිතේ තිබුනත් එය එතරම් ලෙහෙසි වුනේ නෑ.
නමුත් " School of an Art of living" ලෙස නැවත එය ඉතාලියේ ෆිරේන්සි නගරයේ ලබන මස දෙවන දින ආරම්භ කරනවා. පසුකාලිඔනව ලංකාවේ නැවත එය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි. අප ආ ගිය මඟේ අප සමග සිටි නොසිටි සැමට ස්තුතියි ❤️

Back to top
Go to bottom

Popular News