lan englan tam

පුවත්

ෆැලන් වරදක් කර තිබේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
දාලයක් නැති....
ගීත රචකයකු රචිකාවක වෙන්න ලැබෙන්නෙ පෙර පිනකට ය කියලයි මටනම් හිතෙන්නෙ.එහෙම අයගේ ජීවිතේම වෙන්නෙ වචන.තමන් ලියන නිර්මාණයක වචන තරම් දෙයක් තවත් නැහැ.කොටින්ම කිව්වොත් රචකයාගෙ මුළු සේසතම තමන් ලියන වචන.
ගීතයක් ගායනා කිරීමේදි සමහර වෙලාවට හල් කිරිල්ලක් අඩුවුණත් ගීතයේ සම්පූර්ණ අර්ථය වෙනස්වෙන්න පුළුවන්.ඒ නිසා ගායනයේදි ඉතාම වැදගත්වෙන්නෙ ගීතයේ අරුත අනුව නිවැරදිව ගැයීම.
අහස ගුගුරා - අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුණා
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
කාලයක් නැති තාලයක් නැති
විජිතයේ
කටු ඔටුණු හැර යමි...
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි
බැන්ද රන්දම් මගේ ගෙලවට
මුදා විසිකොට අඬන අහසට
මගේ සිහිනයෙ නුඹ නිදන්කොට
කුරුටු ගී දහසක් ලියන්නෙම්......
ප්රවීණ ලේඛිකා සුමිත්රා රාහුබද්ධගෙ " අගපිපි මල් " නවකතාව අැසුරෙන් ප්රේමකුමාර ජයවර්ධන අධ්යක්ෂනය කළ " අගපිපි මල් " ටෙලි නාට්යයේ තේමා ගීතය බොහෝ දෙනකුගෙ හිත්වල ලැගුම් ගත් නිර්මාණයක්.මේ ගීත රචනයට තමයි ඒ වසරේ සුමති ටෙලි සම්මානය පවා හිමිවූයේ.ඒ තමයි ටෙලි නාට්ය ගීත රචනයක් වෙනුවෙන් ගීත රචිකාවක ලබන ප්රථම සම්මානය.මගේ මතකය නිවැරදි නම් නදීක ගුරුගේ ගෙ ප්රථම සංගීත අධ්යක්ෂනය.
පහුගිය කාලය පුරාම මේ ගීතය විවිධ හඬවල්වලින් අපි ඇසුවා විවිධ වැඩසටහන්වලදී.මුල් නිර්මාණය ට සාපේක්ෂව හොඳ ගැයුම් තිබුණා.හැබැයි මේ ගීතය ගයද්දි වගේම ඇතැම් තැන්වල ලියැවෙන්නෙ " වසා ගම්දොර " කියලා.නමුත් හරි වචනය " වසාගන් දොර."
මෑතකදි මේ ගීතය අැසුවෙ ෆැල්න් ඇන්ඩ්රියාගෙ හඬින්.හැබැයි ඇය ගීතයට සාධාරණයක් කළා කියලා හිතන්න බෑ.මොකද ගීතයක් ගයනවානම් සමස්ත ගීතයේ අරුත වගේම වචනවල රසය දැනෙන්න ඕන.කේරුම් ගන්න ඕන.
ගීතයේ එක තැනක එන " තාලයක් නැති..." කියන එක ඇය ගයන්නෙ " දාලයක් නැති " කියලා.( හොඳට අහන්න - මුල් ගායනය නන්දා මාලනිය නිවැරදිව ගයනවා)
මේක මේ ගීතයට පමණක් සිදුවූ දෙයක් නොවෙයි.බොහෝ රූපවාහිනී සංගීත වැඩසටහන්වලට එන අලුත් ගායක ගායිකාවො ගීතවල පද වරද්දලා ගයපු තැන් ඕන තරම් තියෙනවා.ඇත්තටම එවැනි වැඩසටහන්වලට අනුන්ගෙ ගීතයක් ගයනවානම් රචකයාගෙන්,සංගීත ශිල්පියාගෙන්,මුල් ගායන පාර්ශ්වයෙන් අවසරයක් ගතයුතු නැද්ද?
තමන්ගෙ බූදලයක් වගේ එහෙම වැඩසටහන්වලට ඇවිත් ගීත ගයන්න පුළුවන් ද?
මමනම් කියන්නෙ රියැලිටි වැඩසටහනකට වුවත් අලුත් තෙනෙක් ප්රවීණයකුගෙ ගීතයක් ගයන්න තෝරාගන්නවානම් අදාළ පාර්ශ්ව දැනුවත්කළ යුතුයි කියලා.මොකද බොහෝ අය ගීතය තාලයට,සෘතියට ගැයුවට එහි අරුතට ගැලපෙන්න ගයන්නෙ නෑ.අරුත තේරුම් ගන්නෙ නෑ.එතැනදි ගී පද රචකයාට වෙන්නෙ බලවත් අසාධාරණයක්.
අනුන්ගෙ ගීතයක් ගයනවානම් ඒ ගීතයේ සංගීතය පමණක් නෙමෙයි නිවැරදි වචන ගැයීම වගකීමක්.බොහෝ අය කරන්නෙ රිද්මයට මොකක් හරි වචන ටිකක් කියන එක.
රචකයා ගලපලා ලියන වචන ටික කුණු මාළු කෑල්ලක් වගේ හිතෙන හිතෙන විදියට වෙනස් කරලා කටට එන එක ගයන්න එපා.
හරිහමන් විදියට ගීත රචකයාගෙ නමක්වත් සඳහන් නොවන කාලයක පුංචි හරි තෘප්තියත් දැනෙන්න වචන ටිකවත් නිවැරදිව ගයන්න..
 
ගී පද රචක : සුජිත් ප්‍රසංග
Back to top
Go to bottom

Popular News