lan englan tam

පුවත්

සාර්ථකව තිරගත වන 'විසල් ආදරේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රටවල් ගණනක සමගාමී අන්තර්ජාතික ප්‍රදර්ශනය ආරම්භ කළ වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ 'විසල් ආදරේ' චිත්‍රපටය මේ මැයි 03 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනය සාර්ථකව සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
චිත්‍රපටය නිකුත් වීමට ප්‍රථම නිකුත් කළ 'විසල් ආදරේ' ගීත මෙන්ම එහි පූර්ව ප්‍රචාරක පටයද ආකර්ෂණීය වාණිජ චිත්‍රපටයක ලකුණු පෙන්වීය. 
චිත්‍රපටයේ සිත් ගන්නා සුළු අවස්ථාද ඒ අතර වරින් වර නිෂ්පාදන කණ්ඩායම විසින් ප්‍රචාරය කරමින් සිටී.
'විසල් ආදරේ' චිත්‍රපටය ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානියේ සමගාමී ප්‍රදර්ශන සිදු කිරීමට නියමිතව තිබිණි.
සචින් ලියනගේ, රශිප්‍රභා සන්දීපනී, නිමේශ් වීරංග, ඩිනක්ශි ප්‍රියසාද් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙති.
'විසල් ආදරේ' තිරපිටපත දිල්ශි තත්සරණිගෙනි.

 

Back to top
Go to bottom

Popular News