lan englan tam

පුවත්

මං අහසින් පාත් වෙච්ච එකෙක් නෙවෙයි - ඩිලාන් ගෞතමදාස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
අනේ මගේ දෙයියෝ මන් අහසින් කඩන් පාත් වෙච්ච එකෙක් නෙවෙයි🙏

 මගේ නම ඩිලාන් ගෞතමදාස. Music field එකේ ගොඩක් දෙනා මාව දන්නේ ' ගෞතම් ' කියන නමින්. සිංදු ලියන්න පටන් ගත්තේ 2014 දී. මගේ පාසල පානදුර ශ්රී සුමංගල විදුහල. 6 වසරේදී පද්ය රචනා තරග වලට සහභාගි වෙලා ලබපූ ජයග්රහණත් එක්ක තමයි ලියන්න ආසාව දෙගුණ තෙගුණ වෙලා මියුසික් පිස්සෙක්කුත් වෙලා අන්තිමට 2014 දී මුල්ම සිංදුව කරනවා. Music කියන වචනේ තේරුම විතරයි මන් එතකොට දැනගෙන ඉදියේ කවදාවත් සංගීතය කියන විෂය හදාරලවත් නෑ මන් OL වලට සෞන්දර්ය විෂයක් විදිහට කරෙත් චිත්ර. ඉතින් පවුල් පසුබිමේ සංගීත අය කවුරුත් නෑ. Music studio එකකට අඩිය තිබ්බෙර් පළවෙනි සිංදුව කරද්දි .

ඉතින් ඒ ස්ටුඩියෝ දොරෙන් ඇතුල් වෙන්න කලින් තිබ්බ මියුසික් උණ ඇතුලු වුනාට පස්සේ දෙගුණ වුනා ආසාව වැඩි වුනා. පළවෙනි සිංදුව කරේ මගේ වියදමින් මොකද අපි ආයෝජනයජ් කරොත් තමයි අපිට ලාභයක් ලැබෙන්නේ . මන් හිතුවා මන් ඒ මුදල යොදවන්නේ මොකක් හරි Course එකක්ට කියලා ඉතින් සතුටින් ඒක යෙදෙව්වා අද මන් මේ තැන ඉන්නේ එදා ඒ කරපූ ආයෝජනයෙන් කියලා බය නැතුවම කියන්න පුලුවන්. ඔහොම පළවෙනි සිංදුව කරාම කරද්දී නම් යාලූවෝද මේ ක්ෂේත්රයේ අයට ගොඩක් ඉදියා එක රැයෙන් ඒක හිට් කරලා දෙන තැනට කතා කරා මගේ එක්ක. සිංදුව කරාට පස්සේ මට මන් විතරයි ඉතුරු වුනේ. දැන් මන් වියදම් කරලා මටම ගෙදර තියාගෙන සිංදුව අවුරුද්දක් විතර කාලයක් අහගෙන රසවිඳින්න වුනා.
එදා මට උදව් කරනවා කියපු අය අදටත් නෑ හොයාගන්න. ඒ අතරේ මට සොදුරු මිනිසෙක් හමුවුනා අපි කවුරුත් දන්න සදුන් පෙරෙරා. එයත් ඒ කාලේ 'ආයෙත් වරක් ' සිංදුවෙන් හොදටම හිට් වෙලා ඉන්න කාලේ. සදුන් තමයි අවුරුද්දක් ගෙදර තියාගෙන හිටපූ මගේ සිංදුව web එකට දැම්මේ. ඒ කාලේ මේ තරම් youtube භීතිකාව නෑ. සදුන් නැත්නම් සමහරවිට තාමත් මන් ගෙදර තියන් අහන්න ඉඩ තිබ්බා. ඒක web එකට දැම්මාම ජනතාව අතර ප්රසිද්ධ වෙලා තරමක් මාවත් යම්තාක් තැනකට Lyricist කෙනෙක් විදිගට Category වුනා. එහෙම්ම දෙවැනි තෙවැනි සිංදුත් කරගෙන ගියා. එහෙම යද්දී ඩිලාන් ගෞතමදාසව ටිකෙන් ටික මේ ක්ෂේත්රයේ Lyricist කෙනෙක් විදිහට අදුරද්දී වචන ටිකක් ඔලුවට ආවා ඒ වචන ටිකට ශෙනුක එච් පිරිස් ලස්සන Melody එකක් දැම්මා ලස්සන වෙනස්ම ගීතයක් නිර්මාණය වෙලා ඒක රහල් අල්විස් ගායනා කරා ඒ සිංදුව තමයි ' ශුංගාරී ' ඩිලාන් ගෞතමදාසගේ Turning point එක අදටත් ජනතාව අතර ප්රසිද්ධ ගීතයක් ඒ ගීතය ආපූ කාලේ ගීතය එක්කම මාවත් යම් තැනකට ආවා.
හැමදාම ගොඩක් පින් දෙනවා රහල් අයියටයි ශෙනුක අයියටයි. එතකොට මටම කියලා පාත් එක නිර්මාණය වුනා Lyricist කෙනෙක් විදිහට ඔහොම ආපූ ගමනේදී තවත් මගේ අතින් ප්රසිද්ධ ගීත කිහිපයක්ම නිර්මාණය වෙලා වර්තමානයේ ගීත 57ක් දක්වා මන් දැන් කරලා තියෙනවා හැබැයි මේ ගමනෙදී ගොඩක්ම තිබ්බේ ගැම්මක් වගේම අත්දැකිම් ගොඩක්. මුල් කාලයේදී මට කෙනෙක් කිව්වා ' උබට තාලෙකට අත්පුඩියක්වත් ගහන්න පුලුවන්ද බන් කියලා ' ඒ වගේම පාසල් කාලයෙද්දී මන් මියුසික් වෙනුවෙන්ම කාලේ යොදවපු නිසා යාලුවොත් කිව්වා ' මූට පිස්සුද කියලා ' සමහර fm වල ගොඩක් අය ප්රතික්ෂේප කරා සිංදුවක් අරගෙන ගියාම ඒක හොයනවා දැන් කාලේද මල් ද මොනවද කියලා. ඉතින් ඒ channel වලම chart show වල හිට් වෙලා තියෙන්නෙත් අදටත් ඒ එයාලම හොයන මල් සිංදු තමයි . අලුත් අපිට ගොඩක් කැපිලි කෙටිලි තියෙනවා.
Fb, instragram වගේ platform නොතිබ්බානම් අපි වගේ අලුත් අය ඒ වගේම දක්ෂ අය කොච්චර හොයාගන්න්වත් බැරි වෙනවද. ඒ වගේ කතා අහගෙන අද වෙනකන් ආපු ගමනේ මගේ අත් දෙක තමයි D Productions හා One pro productions කියන්නේ. සමහර සිංදු ඇරෙන්න මන් ලියපූ ගොඩක්ම සිංදු කරේ D Productions කියන මගේම production house එකෙන්. අරමුණ තමයි මන් වින්ද දුක කට්ට කාටවත් කන්න නොදෙන එක ඒ කියන්නේ පළවෙනි සිංදුව කරලා ගෙදර තියාගෙන අවුරුද්දක් හිටියා මන්. ඉතින් ඇත්තටම මියුසික් එපා වෙන මට්ටමට එද්දී මගේ පිනකට සදුන් පෙරෙරා හම්බුනාට. හැමෝටම සදුන්ලා හම්බෙන්නේ නෑ නේ. ඉතින් මගෙන් සිංදුවක් කරගන්න හැමෝටම මන් ඒ කට්ට කන්න දෙන්නේ නෑ එයාලට තියෙන්නේ Sing කරලා බලාගෙන ඉන්න විතරයි ඒක මිනිස්සූන්ට අස්සවන්න කටයුතු කරන එක මගේ වැඩක් ඉතින් D Production එකෙන් එහෙම කරද්දී One Pro එකෙන් වෙන්නේ අලුත් ලියන අයට අවස්ථා දෙන එකයි. මාත් ලියන කෙනෙක් තමයි කවදාවත් මට නම් ලියන අය උදව් කරේ නෑ හොදම දේ කියන්නේ මුල් කාලේදී උපදෙස් ගත්තූ අයට දැන් Massage කරත් අපිව ගනන් ගන්නේ නෑ.
ඉතින් ලෝබ නැතුවම ලියන්න පුලුවන් අයට මන් අවස්ථා දෙනවා එයාලව මගේ Songs productions වලට සම්බන්ධ කරගෙන ඒ වගේම මන් අලුත් අයට විතරයි ගොඩක්ම සිංදු කරන්නේ මොකද මේ තැනට තව අයව Replace වෙන්න ඕනේ ඉන්නම අයට බහිරවයෝ වගේ අරක් අරගෙන් ඉන්න බෑ නේ එයාලත් එක්ක කාලෙන් කාලෙට අලුත් අයත් එන්න ඕනේ. මියුසික් කියන්නේ කාගෙවත් බූදලයක් නෙවෙයි ඒ අවකාශයට ඕනේම කෙනෙක්ට එන්න යන්න පුලුවන් දක්ෂකම හැකියාව හා ලැබිම මතයි ක්ෂේත්රයේ ඉන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ගීත ලියන එකට අමතරව රුසියානූ භාෂාව උගන්වනවා මන් ඒ වගේම මගේ ලොකුම හීනයක් තමයි රුසියානූ භාෂාව හා සිංහල එක්ක ලස්සන වැඩක් කරන එක ඒකට දැන් අඩිතාලම දාලා තියෙන්නේ රුසියාවෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ආඩම්බරයෙන් කියන්න පුලුවන් ලංකාවේ පළ වෙන සියලුම පත්තර වල වගෙම මගේ ගැන Articles ගිහින් තියෙනවා සතුටුයි ආපූ ගමන ගැන ඒ හැමදේටම හෙවනැල්ල මගේ අම්මයි තාත්තයි හා හැමෝගෙම ජිවීතේ ඉන්න විශේෂ කෙනා.
ඒ අයට ගොඩක් පින් මට අදටත් එයාලා Motivate කරනවා.මගේ තාත්තා ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂක වරයෙක් ඉතින් සුන්දර කලාකාමී හදවතක් තියෙන කෙනෙක් සමහර දවස් වලට මගේ Music Video shoot කරද්දී වැඩට ගිහිල්ලා තාත්තා ඉක්මනටම එනවා ඒ මට උදව් කරන්න එයත් අපේ camera crew එකේ part time member කෙනෙක් වෙලා ඉවරයි. ඩිලාන් ගෞතමදාසට ලොකුම හයියක් වුනේ Media වල අය තමයි ක්ෂේත්රයේ කියලා නම් ටික දෙනයි උදව් කරේ බහුතරයක් වාසියට කතා කරනවා හිනා වුනාට යටි හිතේ ඉරිසියාව. අත්දැකිමෙන් කියන්නේ තමන්ගේම නිර්මාණයකින් ඉස්මතු වෙන්න එත්කොට පැහැදිලි ගමනක් තියෙනවා.
 
Dilan Gauthamadasa
( Founder of D Productions and One Pro Music productions )
Back to top
Go to bottom

Popular News