lan englan tam

පුවත්

මාර්බල් මූර්තියෙන් දස්කම් දක්වන කෙවින්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කෙවින් ෆ්‍රැන්සිස් ග්‍රේ යනු ජාත්‍යන්තර පිළිගැනීම් පවා හිමිකර ගත් කලාකරුවෙකි. එපමණක් නොව උපාධිධාරියෙකි. නමුත් ඔහු උපාධිධාරියෙක් වන්නේ කලාව සඳහා නොව ඉංග්‍රීසි භාෂාව සඳහාය.

 ඔහු සේවය කරන්නේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේය. ඒ ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු ලෙසිනි. ඔහු දෘෂ්‍යමාන කලාව පිළිබඳව හදාරා ඇත්තේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයෙනි. කෙවින් ෆ්‍රැන්සිස් ග්‍රේ යනු මාර්බල් මූර්ති ශිල්පියෙකි. ඔහුගේ නිර්මාණයන්හි තාක්ෂණික මෙන්ම විලාසිතාවන් ගත් කලද, ඉහළ නිර්මාණයන් ලෙස බොහෝදෙනා හඳුන්වයි. 

pi

 

 1972 වර්ෂයේ උපන් කෙවින් ලන්ඩනයේ ජීවත් විය. පාසල් අධ්‍යාපනයෙන් පසුව 1995 වර්ෂයේදී අයර්ලන්තයේ නැෂනල් විද්‍යාලයේදී කලා සහ නිර්මාණකරණය පිළිබඳව හදාරන ලදී. ඉන්පසු 1996 දී ඇමෙරිකාවේ ආර්ට් ඉන්ස්ටිටියුට්හි අධ්‍යාපනය හැදෑරූ ඔහු නැවත 1999 දී ලන්ඩනයට පැමිණ ෆයින් ආර්ට් හි කලාව පිළිබඳව හදාරා තිබේ.

gray

මොහුගේ  මාර්බල් මූර්ති ශිල්පය විශේෂ වන හේතු  කිහිපයක් තිබේ. ඇතැම් මාර්බල් මූර්ති නිර්මාණය වන්නේ යම්කිසි වර්ණයකින් වුවද මාර්බල් ස්වභාවයෙහි වෙනසක් නොවේ. ඔහුගේ එම නිර්මාණයන් ඇමෙරිකානු ඩොලර් 5000 සිට ඉහළ මිල ගණන් වලට විකිණෙනු ඇත. කෙවින්ගේ නිර්මාණ සඳහා සේවකයන් තිදෙනෙකුගෙන් සමන්විත කර්මාන්ත ශාලාවක්ද තිබේ.

d7hftxdivxxvm.cloudfront.net

 ඉදිරියේදී මෙම ව්‍යාපාරය ඉතාශීඝ්‍රයෙන් වෙනත් රටවල් සඳහාද ගෙන යාම ඔහුගේ එක් සිහිනයක් බවයි සඳහන් වන්නේ. මෙම මාර්බල් මූර්ති වුවද ඇතැම් නිර්මාණ ගල් ස්වභාවයෙන් නිර්මාණය වී ඇති අතර, එවැනි නිර්මාණයන් ඉතාමත් අධික මිලකට අලෙවි වෙයි. එම නිර්මාණයන් බහු වර්ණ සංකල්පය ඔස්සේ නිර්මාණය කරනු ලබයි. එවැනි අධික මිලක් සහිත නිර්මාණයන් ඔස්සේ මොහුව ජාත්‍යන්තර සම්මානයන් සඳහාද පාත්‍ර වී තිබේ.

slide 279157 2070692 free

කෙසේ නමුත් මෙවැනි කලාකරුවන්ගේ නිර්මාණ හැකියාව ලෝකයේ නිර්මාණයන් අගයන පුද්ගලයන් විසින් ඇගයීම් කරනු ලැබීම විශේෂ කාරණාවකි. ඉදිරියේදී මෙවැනි කලා නිර්මාණයන් වෙනත් සංකල්පයන් ඔස්සේ ලොවට හඳුන්වාදීමට ඔහු බලාපොරොත්තු වන බවද සඳහන් වේ. ඔහු විසින් වීදුරු මූර්ති ශිල්පය පිළිබඳව ඉගැන්වීමට අවශ්‍ය වටපිටාව දියුණු කරනු ලැබුවායින් පසුව ඒ සම්බන්ධ පාසලක්ද ආරම්භ කරන බව පවසයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

Back to top
Go to bottom

Popular News