lan englan tam

අතන මෙතන

අශෝක මියුරුසර ගී සැදෑව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

වකුගඩු රෝගයකින් පීඩා විඳින අශෝක පීරිස් කලාකරුවාගේ ප්‍රතිකාර කටයුතු සඳහා උපකාර කිරීමේ අරමුණින් “මියුරුසර ගී සැදෑව” නමින් ගී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

අශෝක මියුරු සර පදනම හා සහෝදර කලාකරුවන්ගේ එකමුතුවෙන් ජනවාරි 28 වන දින සවස 6.30ට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.

කීර්ති පැස්කුවෙල්, කසුන් කල්හාර, පුන්සිරි සොයිසා, ප්‍රදීප් රංගන, නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා, අතුල අධිකාරි, රාජු බණ්ඩාර, අමල් පෙරේරා, විජිත් ද සිල්වා, රෝහන බෝගොඩ, අජිත් රන්දුනු ගේ ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් මේ වෙනුවෙන් සහභාගී වනු ඇත. 

ප්‍රසංගය සඳහා සංගීතය නාද වාදන වෘන්දය විසිනි.

අශෝක පීරිස් කලාකරුවාණන් දශක කිහිපයක් පුරා සිංහල සංගීත ක්ෂේත්‍රයේ ගායකයකු, වාදකයකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත.

Back to top
Go to bottom

Popular News