lan englan tam

විලාසිතා

ඔයාටයි යාළුවටයි දෙන්නටම එකම මේකප් එක සෙට් වෙන්නෙ නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ගොඩක් අය සමහර දේ ගැන හිතන්නෙ වැරදියට. කාලයක් තිස්සෙ එලඹගෙන හිටිය මතය වෙනස් කරල අලුත් දෙයක් අත්හදා බලන්නත් අකැමැතියි.ඒ අතීතය ට වඩා අද වෙනස්. සමාජය වෙනස්. හිතන විදිය වෙනස්. අන්න ඒ නිසාම ඔය යල් පැන ගිය දේවල් මතම එල්ලිලා නොඉඳ අද කාලෙට ගැළැපෙන දෙයක් කළොත් හොඳයි නේද ...

තෝරා ගැනීම  වැදගත් ....

ඔයාගෙ ලස්සන ගැන හිතද්දි සම,ඇස්,දෙතොල් වගේ ගොඩක් දේවල ආරකෂිත බව ගැන හිතන්නම වෙනවා. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන හිතෙන්නෙ නෑ. ප්‍රමිතියකින් තොරව බාල ගනයේ මේකප් නිෂ්පාදන භාවිතයට ගන්න පුරුදු වෙලා ඉන්නෙ ඒ ගැන නොහිතන නිසාමයි. ඇත්තටම මේ වගේ ප්‍රමිතියකින් තොර රූපලාවණ්‍යය නිෂ්පාදන භාවිතයට යොමුවීමෙන් ඔයාට වෙන හානිය මහ ලොකුයි. මෙතනදි මම කියන්නෙ ගුණාත්මක බවින් යුතු දේම තෝරාගැනීම වැදගත් කියලයි .

යාළුවටයි ඔයාටයි එකම හරිද......

කොහෙත්ම නැහැ. මොකද ඔය දෙන්නා දෙන්නෙක්. ඉතින් දෙන්නගෙ සම එකිනෙකාට වෙනස්. ඒ නිසා එයාට මේකප් එකෙන් ලැබෙන සුන්දරත්වය ඔයාට නොලැබෙන්න පුළුවන්. එහෙම හොඳයි කියල හිතාගෙන යාළුවගෙ මේකප් එකම පාවිච්චි කළොත් ඔයාට ඒක ඇලජික් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වුණොත් තියෙන ලස්සනත් අවලස්සන වෙන්න පුළුවන්.

අවුරුද්දත් ඉවරයි. තාම ෆවුන්ඩේෂන් එක මාරු කළේ නැද්ද.............

ගිය අවුරුද්ද පුරාම පාවිච්චි කරපු ෆවුන්ඩේෂන් එක තවමත් පාවිච්චි කරන්න හිතන ඔයාට ඔය ගොළුබෙලි කටුවෙන් එළියට එන්නම වෙනවා. මොකද අපේ මුහුණ හැමදාම එකම විදියට තියෙන්නෙ නෑ. කාලයකදි අවපැහැයට හැරෙනවා. ලප කැළැල් ඇති වෙනවා. අවපැහැ වෙනවා. පැහැපත් වෙනවා. ඉතින් අවුරුද්ද පුරාම එකම ෆවුන්ඩේෂන් එකක් පාවිච්චි කළාම ඇතිද...
        
එකම පාට ගැළැපෙනවද .....

ලිප්ස්ටික් කියපු ගමන් මතකෙට එන්නෙ රතු පාට.,ඒක හරියන දෙයක් නෙවෙයි. තමන්ගෙ මුහුණෙ පාටට මැච් කරනවා මිසක හැමෝම ගන්න නිසා ගන්න එකත් හොඳ දෙයක් නෙවෙයි. අනෙක මේකප් පරණ වෙන්නෙ නෑ,කියල ගොඩක් අය හිතනව. හැබැයි ඒක නම් වැරදියි. නියම විදියට මේකප් උපකරණ ටික අහුරල නොතිබ්බොත්,පොඩ්ඩක් ක්ලීන් එකට නොතිබ්බොත් සොරිම තමයි. මෙතනදි පවුඩර්,ලිප්ස්ටික්,මස්කාරා විතරක් නෙවෙයි මේකප් ස්පොන්ජ්,බුරුසු පවා පරණ වෙනවා .ඒවා අලුත් කරගන්න ඕනෙ කියන එක ගැනත් හිතට ගත්තොත් හොඳයි.

තමාරා

 

Back to top
Go to bottom

Popular News