lan englan tam

රත්තරන් පැය ගැන දන්නවාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනතුරක් හෝ අසනීප තත්වයක් ඇතිවුවහොත් මුල් පැය අපි හදුන්වන්නෙ රත්තරන් පැය කියලයි.

රත්තරන් පැය තුළ ඇති ප්ලැටිනම් විනාඩි 10 යේ වටිනා කම ඔබ දන්නවාද?

මේ දවස් වල ඉතාමත් අඩු වයස් වල අය එකපාරටම ඇදගෙන වැටුනා කියලා අපේ හදිසි අනතුරැ අංශයට රැගෙන ඇවිත් තිබුණා. නමුත් ඒ බොහොමයක් අය මළ සිරුරු ලෙසයි අපි භාර ගත්තෙ. අපරාදේ වටින ජීවිත.

helth1

මේ අය මේ තත්වයට පත්වී තිබුනේ හෘදයාබාධ නිසයි. ඒකට හේතුව මේ බොහෝමයක් අයට තිබිලා නැහැ යහපත් ආහාර රටා. ක්ෂණිකව කන්න පුලුවන් දේකින් කුස පුරවාගෙන තිබුණා. බොහෝ විට අහුවෙන කඩයකින් ෆයිඩ් රයිස් එකක් හෝ කොත්තුවක් කලා. අධීක ආතතියත් එක්ක ශරීර ශක්තිය වැය නොකර ඔහේ ජීවත් වෙලා ඉදලා තියෙනවා.

මේ දැන් අපේ අය ගෙවන ජීවිත.......... අඩු ආයුශෙන් මැරෙන එක අහන්නත් දෙයක්ද?

ඉස්සර දස මහ යෝධයන් සිටි රටක, මහා ගල් පර්වත වලින් වැවි තාවුල් හදපු රටක සිටින අපි මේ රටේ සෑම ගහකම පොත්තකම ගුණය වටහා ගන්නට හැකියාවක් තිබුණානම් පරමායුෂ නිරෝගීකමින් ගෙනයා හැකි බව තවමත් වටහා ගෙන නැත......

අනතුරක් හෝ අසනීපයක් වුනොත් හැමෝම පුරැදු වෙලා තියෙන්නෙ රෝගියා උස්සාගෙන ගිහින් ත්‍රීරෝද රථයේ තුළට දෙකට තුනට නවලා දාගෙන විලාප තියාගෙන එක එක විතරයි

help

අඩුම ගානේ කෙනෙක්ගේ හුස්ම නතර වූ මොහොතට ඒ අය බේරා ගැනීමට පපු තෙරපුම අකන්ඩව කරගෙන ආවානම් ඔවුනගේ මොලය මිය යන එක වළක්වා ඔවුන්ව බෙිරගන්න තිබුණා.

මතක තියාගන්න හුස්ම නතර වුනොත් හදවතත් නවතියි.

හදවත් නතර වුනොත් මොලයට සපයන රැධිරය නතරවෙයි.

එවිය මොලයේ සෛල මියයාම ආරමිභ කර විනාඩි 12 ක් ගත වන විට මොලය සපුරා මිය යා හැක

එයයි ප්ලැටිනම් විනාඩි 10 යේ වටිනාකම .........

ඔබට ජීවිත්වීමේ වරප්‍රසාදය ඇතිද නැතිද තීරණය ඔබ අතෙයි.

පුෂ්පා රම්‍යානි සොයිසා

Back to top
Go to bottom

Popular News