අද මෙම සටහන තබන්නේ රංගන ශිල්පී අශාන් ඩයස් වෙනුවෙනි. අද දිනට (31) ඔහුගේ උපන් දිනය යෙදී තිබෙනවා.
නූතන සිංහල සිනමාව තුළ සිටින ඕනෑම චරිතයකට සාර්ථකව පණ පෙවිය හැකි දක්ෂ රංගන ශිලිපියෙක් ලෙස අශාන් ඩයස් හඳුන්වන්න පුළුවන්.
තම පෙනුම,කුසලතාවය සහ වෘත්තීමය විනය මේ වන විට අද්විතීය රංගන පෞර්ෂයක් බවට ඔහු පත් කොට අවසන්.

චරිතාංග රංගනය තුළ ඔහුගේ ගැඹුරු හඬත්, තියුණු ඇස්, ආකර්ෂණිය පිරිමි පෞර්ෂයත් කැපී පෙනෙනවා.

2009 වර්ෂයේ තිරගත වූ ‘අලිමංකඩ’ චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු මේ වන විට තමාගේ රංගන හැකියාව පුළුල් පරාසයක පවතින බව ඔහු රංගනයෙන් එක්වූ සිනමා නිර්මාණ රැසක් හරහා තහවුරු කොට තිබෙනවා.
ඔහුගේ රංගනයන් අතර "අලිමංකඩ", "සරිගම", "වාලම්පූරි" සහ "විජයබා කොල්ලය" සුවිශේෂී යි. එමෙන්ම ‘රාණි’ චිත්‍රපටය තුළ ඔහුගේ සියුම් භාව ප්‍රකාශනයන් කැපී පෙනුණා.
මේ දිනවල තිර ගත වන ‘වාලම්පූරි’ චිත්‍රපටයේ ඔහු ‘ඇන්ජලෝ’ නම් තරුණයාගේ චරිතය හරහා ඔහුගේ තවත් දක්ෂ රංගනයක් දැක බලා ගන්න පුළුවන්. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මාරියෝ’ සහ 'සූරිය සුළඟ' චිත්‍රපට හරහාත් ඔහුගේ තවත් චරිතාංග රංගනයන් දැක බලා ගන්නට හැකි වේවි.
ඉතින් ශ්‍රී ලාංකීය සිනමාවට බව වැනි රංගන ශිලිපීන් වටිනා සම්පත් වන බව සඳහන් කරමින් අද දිනයේ ජන්ම දිනය සමරන ඔබට අප සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.
පහතින් දැක්වෙන්නේ ‘Review by Krishadh’ Facebook පිටුවේ ඔහු ගැන තබා තිබූ සටහනක්.
අලිමංකඩින් අපිට ලැබුණු රංගන පෞරුෂය…
සිරි පැරකුම්හි පතිරාජ සෙනෙවි ලෙසින් ජනයාට ප්‍රිය නළුවෙක් වුණා…
මෙදා වාලම්පුරියේ සයිලන්ට් කිලර් ඇන්ජලෝ ලෙසට සුපිරි රංගනයක් දෙනවා..
ඉදිරියේදී මාරියා එනතෙක් බලා සිටිනවා..
චරිතය කුමක්ද එයට අදාලදේ අඩුත් නැතුව වැඩිත් නැතුව දෙන අපූරු නළුවා..
අශාන් ඩයස් ලාංකේය සිනමාවට ඉන්න මැණිකක්..
Ashan Dias ලාංකේය සිනමාවේ තව බැබලෙමු..





