lan englan tam

පුවත්

දරුවන් යනු ලොව උතුම්ම සම්පතයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-කිංස්ලි රත්නායක-

'සදකඩ පහණ' ගීතය මටත් වඩා වයසින් වැඩිය.

අර්ධ ශතකයද පසුකල සදකඩ පහණ ගීතයේ අරුත් විමසන බොහෝ දෙනා හෙටත් ඉපදෙනු ඇත. එදා ඒ ගීතයත් සමග ලක්දිව කලා ලොවට උපන් තිදෙනෙකි. සිය කුලුදුල් චිත්‍රපට ගීය ලියූ වොලී නානයක්කාර, සිය කුලුදුල් චිත්‍රපට ගීය ගැයූ සුනිල් එදිරිසිංහයන්, සහ සිය කුලුදුල් චිත්‍රපට සංගීත අද්‍ය්ක්ශනය කල වික්ටර් රත්නායක යනු ඒ තිදෙනාය.චිත්‍රපටය මාතර ආච්චීය.

මට කිසිදා ආච්චි කෙනෙක් නොවීය . අම්මාගේ මව ඕ කුඩා කලදීම මිය ගොසිනි.තාත්තා මාතලේය. එබැවින් මාතලේ ආච්චී වෙනුවට අප නිවසේදීම අවසන් හුස්ම හෙලීමේ ජීවිත පාඩම මට උගන්වා පිටව ගියෝ මාතලේ කිරිඅම්මාය. අනෙ අම්මෝ, වෙනුවට එකල උඩරැටියෝ බහුලව කීවේ අපෙ අප්පෝ" කියා බව මතකය. නගරයට විත් ඒ බසම අප්පට සිරි , ලෙස සංකර වනු දැකීමට ඉගැන්වූවෝ ගුරු මෑනි පියවරු මිස අම්මා මෝ නැතිව අදටත් බැනුම් අසනා පොලිටිකල් අප්පච්චිලා කුඩප්පච්චිලා නොවේ.

මගේඅම්මා ගිහිගෙයහැරගිය දා පටන් සිත දවාලමින් නැගුනු වඩබා ගිනි කද කාලය සෙමෙන් සමහන් කල කාලයක් විනි. ඔබ බොහෝ දෙනා රට පෙරලන්නට වෙරදරනා සමයේ අම්මා පිලිබදව නැගෙනා දුක්කදට යට නොවී හිදින්නට තැත් දැරීමී. කුඩා පුතුන් අතින් අල්ලාගෙන මග යනෙන අම්මාවරු සමග කුඩා වෙමින් මගේ දිවියම ඒ මේඅත යා නොදී සිත පිහිටවා ගැන්මට කොතරම් අසීරුදැයි දන්නෝ ඒ වින්දෝ පමනි.

ඉස කෙස් නංවා වෙස් ගන්වා , සුපිරි තරු ආලෝක කදම්බ මතින් සිහින දුහුල් වලා ලෝකවල නංවා යවා සර්වරාත්‍රික රූගත කිරීම් නිමවා අලුයම නිවසට එන මට , හිස තබා ඇස් පියන්නට ලැබෙනුයේ අඩ පැයකි. සම්මත මිනිස් චරියානුකූලව උදේ අවදිවිය යුතු නගරය ගමක් කිරීමට තතනන පන්සලට අලුතින් ආ සාමනේර හිමියෝ ස්වකීය උදා බොදු ගීතාවලිය නුගේගොඩින් අහසට නංවති. දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම් කල..... සුනිල ස්වරයෙන් නැගෙන මව් උපහාර ගීතයේ අම්මා..යි ගැයුම කෙසේ නම් උහුලන්නද? රැයක් පුරා කැමරාවට සිනාසී විත් කදුලින් දෙතුන් වරුවක් නිදා නැවත හැද පැලද දූදරු රැකුමට ගිය කාලය ඊයේ නැවතත් සිහිපත් විනි.

කුඩා මා දහම් පාසල් කථික තරගයන් වෙත කැදවාගෙන ගොස් , මගේ වාරය පැමිනි පසු ,කම්බිදැල් , දොර උලුවහු දාර අතරින් ඈතින් බලා සිටිනා අම්මාගේ මුහුණ මට අදත් සිහිවෙයි. ඇගේ කුහුලෙන් පිරුණු නෙත්ම මගේ ජය කොන්තය වීය. ජයලබා එනවිට හායි ෆ්‍යිව් ,නොදුන් ඕ ආදරෙන් හිස අතගා කල පැතුම් නෙත් පියා ගැනීමට පෙරම ඉටුකරන්නට හැකිවූවායැයි විටෙක යටි සිත මට කියයි.

දරුවන් යනු ලොව උතුම්ම සම්පතයි යන්න නිතර උපුටාලන දහමෙහි එන වැකියකි. විවිධ ලබ්ධීන්ට නතුව නේකවිද මගින් නිවනට, ස්වර්ගයට, යන්නට අප කෙතෙක් වෙහෙසුනද දියදම් හෙවත් ලෝ දහම සත්ත්ව සංහතිය පුරා විසුරුවන අපූරු ප්‍රේමය මනරංජනීයය. ලෙන්දොර නොබිදි නොදැමුනු පුතුන් වෙනුවට ,සියතින් ම තම ලොවට දොරහැර දී දූදරුවන්ගේ ලොව සුරක්ෂිතදැයි මව්වත් ගුණෙන් පිරි, කුහුලෙන් බලා සිටින මේ සේයාරුවේ හිදිනා සුප්‍රකට පියා සේම, සේයාරූ නොමැති අප්‍රකට මගේ මව සේම ....තවත් කී දෙනෙක් නම් ඇද්ද?

ඒත්.....අම්මා වරු නැති දරැවන්ගේ....සංකා දුක් කවුදෝ..දන්නේ.....?

(ප.ලි-සුනිල් එදිරිසිංහයන්ගේ පූර්ව විමසීමකින් තොරව මවිසින් ගත් මේ සේයාරුව ඔවුන්ට අවැඩක් නොවන්නට යොදාගතිමි)

 sunil edirisinghe web article 2

 

සටහන - මාධ්‍යවේදී කිංස්ලි රත්නායක

('Kingsly Rathnayaka' Face book පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom