lan englan tam

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ 98 වන උපන්දිනය සැමරුවේ මෙහෙමයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේ (09) දිනයි.

අයිරාංගනී සේරසිංහ මෙරට සිනමාවෙන් බිහි වුනු විශිෂ්ටතම රංගනවේදිනියක මෙන්ම, ලාංකීය සිනමා ඉතිහාසයේ පුරාවෘතයක් බදුයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ 'රේඛාව' චිත්‍රපටය හරහා සිනමා රංගනයට එක්වන ඇය සංදේශය, දෙලොවක් අතර, දෙවනි ගමන, වෑකන්ද වලව්ව, බක්මහ දීගේ සංදේශය, රන්සළු, ආදර කතාව, පොරොන්දුව, ලොකුදුව, දඩයම, සුදු සෙවනැලි ,
සක්මන් මළුව , ඉරැස්මා, අවරගිර, සුදුකළු හා අළු, කිණිහිරියා මල්, සාමාරා,රෝස කැලේ, වෝටර්, ද මැටර් ඔෆ් ලව් වැනි සිනමාපට රැසකට රංගනයෙන් එක් වූවා.

 504910924 2398929023856408 4116480341342772242 n

ඇය රංගනයෙන් එක්වුනු ජාත්‍යන්තර සිනමා නිර්මාණ අතර ‘Indian Jones & the Temple of Doom’ හොලිවුඩ් සිනමාපටය මෙන්ම ‘Water’ ඉන්දියානු සිනමාපටයත් වනවා.

දූ දරුවෝ, ගම්පෙරළිය, යශෝරාවය, නෑදෑයෝ, සත්පුර වැසියෝ, අම්මයි තාත්තයි, දූවරු ආදිය අයිරාංගනී සේරසිංහ රංගනයෙන් එක් වූ ටෙලි නිර්මාණ අතුරින් කිහිපයක්.

සිය රංග ප්‍රතිභාව වෙනුවෙන් දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වූ ඇය, පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව, ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන "නාට්‍ය කීර්ති" ගෞරව සම්මානයෙනුත් පිදුම් ලැබුවා.

505604058 721763956883029 1468892078531820558 n

පහතින් දැක්වෙන්නේ ඊයේ දිනයේ දිනයේ දී කලාකරුවන් සහ පවුලේ සාමාජිකයන් සමඟ ඇය සිය 98 වන ජන්ම දිනය සැමරීමට එක්වූ අවස්ථාවේ චායාරූප කිහිපයක්.

505235495 10233286750025046 2404869712663247062 n

505767506 10233286748545009 6198093471090458400 n

502560051 10233286749345029 1435024229165462516 n

504265178 10233286750625061 3917520168954390133 n

 

(ඡායාරූප උපුටා ගැනීම - දීපානි සිල්වා (Deepani Silva) රංගන ශිල්පිනියගේ මුහුණු පොත ඇසුරිනි)

 

 

kemadasa

shungara

Back to top
Go to bottom