සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාපා ලියනගේ යුවළ ගැන හැමෝම දන්නවනේ.
ඔන්න, ඊයේ දිනයේ ඔවුන් දෙදෙනාගේ විවාහ දිවියට වසර නවයක් සම්පූර්ණ වෙලා තිබුණා.
ඉතින්, විවාහ සංවත්සරය ගැන ඇය සිය මුහුණු පොත හරහා ආදරණීය සටහනකුත් එක් කරලා තිබුණා.
ඇය මේ සටහනින් ඉන්ද්‍රචාපා සමග ගෙවුණු විවාහ ජීවිතය ගැන වගේම ලස්සන ලෝකයක් නිර්මාණය කරන්න ඇය තුළ තිබෙන බලාපොරොත්තුව ගැනත් සඳහන් කරළා තිබුණා.
ඇය කියන්නේ සියල්ල විනාශ වී ගියත් නැවතත් හුස්ම ගන්න පුළුවන් ලස්සන ලෝකයක් නිර්මාණය කරන්න ශක්තිය දෙන්න‘ප්‍රේමයට’ හැකි බවයි.
පහතින් එක් කරලා තිබෙන්නේ ඇය ලියූ සටහනයි!
(උපුටා ගැනීම)
"අපි කසාද බැඳලා අවුරුදු 9ක් චාපු,
කොච්චර ලස්සන දේවල් වුනා ද?
ලස්සන දේවල් නොවුන ද?
තව ඉස්සරහට මොනවා වෙයි ද?
මේ ගමන කියන්නෙම
මේ මොහොත!
මේ මොහොත කියන්නෙම
මේ ජීවිතය!
මහා විශාල උල්කාපාත කඩන් වැටිලා
සියල්ල විනාශ වුනාට පස්සෙත්
මැරිච්ච පොළොවක ඔහේ නො ඉඳ,
ආයිත් හුස්ම ගන්න පුළුවන්
ලස්සන ලෝකයක් හදන්න,
කාලයට අභියෝග කරන්න,
ඉතුරු වෙච්ච පුංචිම පුංචි ජීවයත් ඇති...
ඉතිං මට හිතෙන්නෙ,
ඒ පුංචි ජීවයට තමයි
‘ප්‍රේමය’ කියන්නෙ...!”
- ශබ්බූ.

(ඡායාරූප සහ සටහන උපුටා ගැනීම 'Samanalee Fonseka' මුහුණු පොත ඇසුරිනි)




