lan englan tam

පුවත්

“මයෙ අප්පච්චි අද හිටියනම් එයා තමයි මේ ෆොටෝ එක දාන්නෙ” - මාධවී ඇන්තනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසුන් මහේන්ද්‍ර හීනටිගල හා මාධිවී ඇන්තනී කියන ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවළව ඔබ හැමෝම හොඳින් දන්නවනේ.

මේ දෙන්නගේ පුංචි පුතා තමයි ‘කෛලාෂ්’

‘කෛලාෂ්’ ගැන නම් බොහෝ දෙනෙක් දැන ගත්තේ පසුගිය කාලයේ කසුන් විසින් ‘කෛලාෂ්’ වෙනුවෙන් ලියූ “පුතුට ලියන ලිපි” යන නමින් යුත් ආදරණීය ලිපි මාලාවත් එක්ක.

මේ පුංචි පුතාට දැන් මාස 07 ක්.

ඉතින්, මේ ගැනත් සදහන් කරමින් මධවී විසින් ඇයගේ face book ගිණුම හරහා අපූරු ඡායාරූප දෙකක් පළ කරළා තිබුණා. මේ එක ඡායාරූපයක ඉන්නේ ‘කෛලාෂ්’. අනිත් ඡායාරූපයේ ඉන්නේ කවුද?

 

 

අනිත් ඡායාරූපයේ ඉන්නේ දැනට අප අතර නැතත් අපගේ මතකයේ සදා ජීවමාණ ඒ ආදරණිය රංගන ශිල්පියා ජැක්සන් ඇන්තනී.

ඉතින්, මේ ඡායාරූපයේ විශේෂත්වය තමයි මෙය ජැක්සන් ඇන්තනීගේ ඉතා කුඩා කාලයේදී ලබා ගත් දුර්ලභ ඡායාරූපයක් වීම.

ඉතින් මේ ඡායාරූප දෙක පළ කරමින් මාධවී අපූරු සටහනකුත් තබා තිබුණා.

පහතින් ඒ සටහනත් දක්වලා තියෙනවා.

ඔයාලත් බලන්නකෝ ‘කෛලාෂ්’ පුතයි එයාගේ සීයයි හැඩහුරු කම් අතින් කොච්චර සමාන ද කියලා.

(උපුටා ගැනීම)

"මගෙන් ඔයාලා හුඟක් දෙනෙක් මේ ෆොටෝ එක ඉල්ලුවානේ. ඉතිං එහෙනම් මේන්න ඉන්නවා සීයාතාත්තා බබයි කෛලාෂ් බබයි. මයෙ අප්පච්චි අද හිටියනම් එයා තමයි මේ ෆොටෝ එක දාන්නෙ හරි ආඩම්බරෙන්. ඒකෙ කැප්ශන් එකට මෙහෙම එකක් ලියයි. "මගෙ එකීගෙ පොඩි එකයි මායි"

ජාන කියන්නෙ මාර දේවල්!"

515491416 1280827843409357 3369030611798854266 n

(ඡායාරූපය සහ සටහන උපුටා ගැනීම 'Madhavee Anthony' ෆේස්බුක් පිටුව ඇසුරිනි) 

kemadasa

shungara

Back to top
Go to bottom