හඬමින් වයලීනය වාදනය කරන දරුවෙකුගේ මෙම ප්‍රකට ඡායාරූපය ඔබ බොහෝ විට මීට පෙර දැක ඇති.
නමුත් මෙම සිදුවීමට පසුබිම් වූ කරුණ ඔබ දැන සිටියාද?
මේ චායාරුපයේ සිටින දරුවා උපත ලද්දේ බ්‍රසීලයේ රියෝ දී ජනිරෝ නගරයේ මුඩුක්කු නිවාස පෙලකය. ඔහු නමින් දියාගෝ ය. (Diego Frazzo)
ඔහු ඉපදුනු කර්කෂක පරිසරය තුල නිරන්තරයෙන් දකින්නට ලැබුනේ මත්ද්‍රවය, මිනී මැරුම්, සොරකම් ඇතුළු විෂමාචාරයන්ය. එම පරිසරයේ ජීවත් වූ අන් ළමුන් සේම දියාගෝ ද හුරු වුයේ සොරකම් කිරීමෙන් ජීවිකාව ගෙනයාමටය.
මේ අතර ඔහුට උදාර මිනිසෙකු මුණ ගැසුණි. ඔහු නමින් එවන්ද්රෝ ජාවෝ ද සිල්වාය. වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වූ ඔහු කුඩා දියාගෝ ගේ අනාගතය වෙනස් කිරීමට සමත් වූ මිනිසාය.
සොරකමින් , විෂමාචාර වලින් කිලිටි වූ ළමා මනස ඔහු සංගීතයෙන් ඒකාලෝක කළේය. දියාගෝ යහපත් දරුවෙකු බවට පත්වන ආකාරය දකිමින් ඔහුගේ ගුරුවරයා අපමණ සතුටට පත් විය. එහෙත් ඒ සතුට වැඩිකල් දියාගෝ සතුව නොතිබුණි. තමාගේ ජීවිතය වෙනස් කල දයාබර ගුරුතුමා රියෝ දී ජනිරෝ නගරයේ මිලේච්ච මැරකල්ලියක ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.
එම අවමංගල්‍ය පෙරහැරේ ගමන් කලේ ඔහුගෙන් උගත් සිසු කැලය. කුඩා දියාගෝ හැඬු කඳුලින් තම වයලීනය වයන්නේ තම ගුරුවරයාට කල හැකි වෙන උපහාරයක් නොමැති බැවින් යයි සිතේ. ගුරුවරයා මියගොස් හරියටම වසරකට පසුව කුඩා දියාගෝ ගේ ජීවිතයද මරු වසඟයට හසු වුයේ ලියුකේමියා රෝගයෙනි. ඔහුගේ මරණය සිදු වුයේ 2009 මාර්තු මස 23 වෙනිදාය.

සටහන - ප්‍රදීප් පීරිස්
('Pradeep Peiris' ගේ ෆේස්බුක් පිටුව ඇසුරිනි)




