චානුක නදුන් පෙරේරා (27),
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අතරතුර 2022 වර්ෂයේ මිරිහානේ පැවති විරෝධතාවයක් අතරතුර බලපෑම්කාරී ඡායාරූපයක් හසුකරගන්නා ලදී.
මිරිහානේදී දරුවෙකු අතින් දරාගෙන අනුරාගයෙන් අත් ඔසවා උද්ඝෝෂණය කරන මවකගේ ඡායාරූපයක් වූ එය එම කාලයේ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වූ අතර වඩාත් මහජන අවධානයට ලක්වූ ඡායාරූපයක් විය. එමෙන්ම එම සමයේ පැවති මහජන විරෝධතාවයන් හි සංකේතාත්මක ප්‍රකාශනයක් ලෙසද එම ඡායාරූපය හඳුනාගත හැකි විය.
චානුක නදුන් පෙරේරා 2022 දී ලබා ගත් එම ඡායාරූපය මෙයයි.
පහත වීඩියෝවේ තිබෙන්නේ මෙම ඡායාරූපය ලබා ගත් චානුක නදුන් පෙරේරා සමග ‘Ratknot’ සාමූහිකය කළ කතා බහකි.
මේ හරහා ඔහු මෙම ඡායාරූපය ලබාගැනීමට පසුබිම් වූ අත්දැකීම පිළිබඳව සිය මතකය අවදි කරන අතර කලාත්මක ඡායාරූපයක අහඹුව, නිර්මාණකරුවෙක් ලෙස ඡායාරූපකරණයේදී සැලකිලිමත් විය යුතු ආචාරධාර්මික තීරණ වැනි දේ ගැන අපූරු කතා බහක් මෙහි වෙයි.
(වීඩියෝව 'RATKNOT' යූ ටියුබ් නාලිකාව ඇසුරිනි)




