lan englan tam

පුවත්

රන්ජන්‍ රාමනායකගේ “O.I.C. ගඩාෆි”චිත්‍රපටයේ නවතම ගීතයේ රූපගත කිරීම් අතරතුර! (Photos)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්ජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය වන "O.I.C. ගඩාෆි" චිත්‍රපටයේ අලුත්ම ගීතයක රූපගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරූප පෙළක් නිකුත් කරලා තියෙනවා.

මෙම ඡායාරූප පෙළ එළිදක්වමින් රන්ජන් රාමනායක නිල ෆේස්බුක් ගිණුම හරහා සදහන් කරලා තිබුණේ මේ චිත්‍රපටය ළගදීම දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන්නට සූදානම් කියලයි.

"O.I.C. ගඩාෆි" චිත්‍රපටයට මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත මොරගොඩ, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මහින්ද පතිරගේ, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, සමන් හේමරත්න, පියුමි බොතේජු, දිලුක්ෂි වීරපෙරුම... වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ  රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය මෙන්ම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද රන්ජන් රාමනායක විසින් විමත් විශේෂත්වයක්.

මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

 

ඉතින්, මේ නිකුත් කරලා තියෙන චිත්‍රපටයේ අලුත්ම ගීතයේ ඡායාරූප වල නම් ප්‍රකට දේශපාලන චරිත වලට සමාන මුහුණුවරක් තියෙන චරිත කිහිපයක්ම දැකගන්න පුළුවන්.

ඉතින් කලාව හරහා රන්ජන් මේ පාර කියන්න හදන දේශපාලන පණිවිඩය මොකක්ද කියලා ප්‍රේක්ෂකයන්ට ළගදීම දැනගන්න අවස්ථාව ලැබේවි.

ඡායාරූප පෙළ පහතින්.

(ඡායාරූප - 'Ranjan Ramanayake' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom