ප්‍රවීණ සිනමා නිර්මාණකරු උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන “මේඝ වර්ෂා” චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවනවා.
මේ වන විට චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරේ පවතින බවයි සඳහන් වන්නේ.
ගීත රැසක් අඩංගු අතිශයින්ම ආදරණීය හා විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වන්නේ මේ දින වල ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන් දෙපළක් වන දමිත් විජයතුංග හා චතුර රාජපක්ෂ සමගින් සිනමාවට හඳුන්වා දෙනු ලබන අංජලී වත්සලා ජයසිංහයි.
ඒ සමගින් සනත් ගුණතිලක , දුලීකා මාරපන , හේමසිරි ලියනගේ , ඩිලානි අබේවර්ධන, සංගීත් ප්‍රභූ , සංජය මුරමුදලි , චන්දිමා කරුණාදාස , රොහාන් විජේතුංග , මල්කාන්ති ජයසිංහ , ඕදාත හංසක , කිෂූ ගෝමස් , විශ්ව ලංකා.. ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිලිපීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසිනි.
“මේඝ වර්ෂා” යනු උදයකාන්ත වර්ණසූරියගේ සිනමා දිවියේ 29 වන සිනමා නිර්මාණයයි.
පහතින් දැක්වෙන්නේ පසුගිය දින වල “මේඝ වර්ෂා” රූගත කිරීම් අතරතුර එක්කර තිබූ ඡායාරූප කිහිපයක්.










