අඛණ්ඩව 50 වසරක් මුළුල්ලේ ශ්‍රි ලාංකේය වේදිකාවේ, සිනමාවේ හා පුංචි තිරයේ සම්මානිත නිර්මාණකරණයක යෙදෙන අසහාය රංගවේදියා ශ්‍රියන්ත මෙන්ඩිස්,
අගයමින් පැවැත්වුණ සුවිශේෂී ඇගයුම් උළෙලක් පසුගියදා(25) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වුණේ කලාකරුවන් රැසකගේ හා රසික ප්‍රජාවගේ සහභාගීත්වයෙන්.
ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ජන්ම දිනය ද, විවාහ සංවත්සරය ද ඔහුගේ රංගන දිවියට පනස් වසරක් පිරෙන මෙම දිනට (ඔක්තෝබර් 25) යෙදී තිබීම ද විශේෂත්වයක්.
මෙදින උත්සවයේදී ශ්‍රියන්ත මෙන්ඩිස් චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණකරණය පිළිබඳ සැකසුනු විශේෂ වීඩියෝ නිර්මාණයක් ද එළිදැක්වුන අතර, මුඛ්‍ය දේශනය අචාර්ය නුවන් නයනජිත් විසින් පවත්වන ලදී.
එමෙන්ම සහෝදර කලාකරුවන්ගේ රැඟුම්, ගැයුම් හා නර්තනාංග ඇතුළු ප්‍රසාංගික අංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
මතු දැක්වෙන්නේ ඇගයුම් උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්.
(ඡායාරූප- Indika Mallawarachchi photography)
(ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකියි.)
https://www.mirrorarts.lk/news/86-photo-note/11855-photos-2#sigProId2f5f26fc97
වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින් >>
(ඡායාරූප උපුටා ගැනීම 'Sriyantha Mendis' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)




