lan englan tam

පුවත්

දශක දෙකකට පසු කෝපි කඩයට ගොඩවූ "කෝපි කඩේ" "සුවඳා"... දමයන්ත පෙරේරා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Sajith Dinesh-

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මහගෙදර "ස්වාධීන රූපවාහිනී සේවය" තුලින් 1987 දී ආරම්භ වී අදටත් විකාශනය වන ආසියාවේ දීර්ඝතම ඒකාංගික කතා මාලාව වන "කෝපි කඩේ" කතා මාලාවේ "සුවඳා" ගේ චරිතය නිරූපණය කළේ දමයන්ත පෙරේරා මහතායි.

"කෝපි කඩේ" කතා මාලාවේ ආරම්භක අවදියේ සිට දමයන්ත පෙරේරා මහතා සුවඳාගේ චරිත නිරූපණය කළ අතර, 90 දශකයේදී එම චරිතය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

 (දමයන්ත පෙරේරා "කෝපි කඩේ" ටෙලි නාට්‍යයේ 'සුවඳා' ගේ චරිතය නිරූපණය කරමින්)

 

2000 දශකයේ මුල් භාගයේදී ඔහු 'කෝපි කඩේ' කතා මාලාවෙන් ඉවත්වූ අතර, දශක ගණනාවකට පසුව කෝපි කඩේ වෙත නැවත ගොඩවැදුණු අවස්ථාවක් මුල් ඡායාරූපයෙන් දැක්වේ.

දමයන්ත පෙරේරා මහතා මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වන "ජහුටා" ටෙලි නාට්‍යයේ 'මයිකල්' ගේ චරිතය හරහා ද පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා.

සමාජ මාධ්‍ය නොමැති අපගේ ළමා කාලය හැඩකල ඔබට බොහොම ස්තුතියි.

ඉදිරියේදී රංගනය තුළින් ප්‍රේක්ෂකාගාරය දිනා ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.

ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

සටහන - සජිත් දිනේෂ්

(මෙම සටහන “stage Drama Sri Lanka" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

මතු දැක්වෙන්නේ රංගන ශිල්පී දමයන්ත පෙරේරා සහභාගී වූ මාධ්‍යවේදී ගැමුණු ජයන්ත වන්නිනායක මෙහෙයවන "මතක පද" වැඩසටහනකට මීට පෙර අවස්ථාවක සහභාගී වූ වීඩියෝවකි.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින් >>

 

kemadasa

shungara

Back to top
Go to bottom