ලොව අද්විතීය පාපන්දු ක්‍රීඩකයකු වන ලියොනල් මෙසී හා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අතර සුවිශේෂී මුණගැසීමක් අද (13) කොල්කටා හීදී සිදු උනා.

මේ අවස්ථාවට ෂාරුක් ඛාන්ගේ බාල පුත් Abram Khan ද එක්ව සිටිය අතර මෙහිදී ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට ද ඔවුන් එක්වූ අතර, එය සුවිශේෂී සහ මතකයේ රැදෙන මොහොතක් ලෙස සනිටුහන් විය.

ලියොනල් මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණුනේ වසර 14 කට පසුව වන අතර ඉන්දියාවේ කොල්කටාහි salt lake ක්‍රීඩාංගනයේදී මෙසීගේ අඩි 70 ක් උස පිළිරුවක්ද නිරාවරණය කෙරුණ අතර, ෂාරුක් ඛාන් සහ මෙසි අතර හමුවීම සිදු උනේද මෙම අවස්ථාවේදීයි.

ලියොනල් මෙසී දින තුනක් ඉන්දියාවේ සංචාරය කිරීමට ද නියමිත අතර අවසන් දිනයේදී ඉන්දීය අගමති නරේන්ද්‍ර මෝදි හා ලියොනල් මෙසී අතර හමුවක්ද පැවත්වීමට නියමිතයි.




