lan englan tam

පුවත්

Golden Globe සම්මාන උළෙලට එක්වූ, ප්‍රියංකා චොප්රා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Golden Globe සම්මාන උළෙල පසුගියදා (11) ඇමරිකාවේ කැලිෆෝනියා නුවර Beverly Hills හීදි උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

වසරේ විශිෂ්ඨතම හොලිවුඩ් චිත්‍රපට හා ඇමරිකානු රූපවාහිනී කතා මාලා ඇගයෙමින් පැවැත්වෙන Golden Globe සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 83 වන වරටයි.

ඉතින්, මේ ලෝකයේ ප්‍රධාන පෙළේ සම්මාන උළෙලට ආරාධනා ලැබූවන් අතර සුප්‍රකට බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස් යුවලත් සිටියා.

Priyanka Chopra Jonas and Nick Jonas golden globes 2026 011126 9d6b9ba4d7944ef38d15ec3b00b124cb

 

උලෙලේදී 'Best Male Actor - Television award' ඛාණ්ඩයට හිමි සම්මානය 'Noah Wyle' හට හිමිවූ බව නිවේදනය කරමින් එය තිළිණ කළේ ප්‍රියංකා චොප්රා විසින්.

ඇය සමග මේ අවස්ථාවට කොරියානු ගායිකාවක හා නිළියක වන Lalisa Manobal ද එක්ව සිටියා.

 

1768206448520 1

 

සම්මාන උළෙලට පෙර මෙම අවස්ථාව ගැන ප්‍රසිද්ධියේ අදහස් පළකරමින් ඇය සදහන් කරලා තිබුණේ සිය ස්වාමිපුරුෂයා සමඟ මෙවැනි රතු පලස් උත්සවවලට සහභාගී වීමෙන් එම අවස්ථාවන් වඩාත් පහසු වන බවයි.

එම අවස්ථාවන්හි පවතින පීඩනය අඩු කරමින් එය වඩාත් විනෝදජනක අත්දැකීමක් බවට පත් කරන බවට පවසමින් ඇය ඔහුට ස්තුතිය පුද කළා.

 

priyanka nick arrivals golden globes 2026 320d4a13056748f4b1512c326e982341

 

පසුගිය වසර කිහිපයේත් ප්‍රියංකා - නික් යුවල ඔස්කාර් , මෙට් ගාලා වැනි ලොව ප්‍රකට රතු පලස් කිහිපයක්දීම දැකගන්න ලැබුමත් විශේෂත්වයක්.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom