එළඹෙන ආදරවන්තයින්ගේ දිනයට පෙර දිනයේ (පෙබ.13) සිට ප්‍රේක්ෂකයා වෙනුවෙන් පිදෙන නවතම සිනමා නිර්මාණය වන ‘වයිෆ්’ චිත්‍රපටයේ ගීත ජනගත කිරීම සමගින් පැවැත්වුණ වර්ණවත් ප්‍රසංගයක් “වර්ණ රැයක්” පසුගියදා පැවැත්වුණා.
මෙම අවස්ථාවට චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන මෙරට ජනප්‍රියතම නළු නිළියන් දෙපළක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය ද එක්ව සිටි යා.
'වයිෆ්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර ‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මාන ලාභී, තරුණ සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න විසිනුයි.
හැඟීම් බිදී ගිය සිනමාකරුවෙකුගේ ජීවිත කතාවක් වටායි ‘වයිෆ්’ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසින්.
ඉතින්, එළඹෙන පෙබරවාරි 13 වනදා සිට උදාරි - හේමාල් සුසංයෝගය රිදී තිරයේ එකට හමුවන ‘වයිෆ්’ චිත්‍රපටය ළඟම සිනමා හලේදී නරඹන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වෙනවා.
මතු දැක්වෙන්නේ පසුගියදා චිත්‍රපටයේ ගීත එළි දැක්වීම වෙනුවෙන් පැවැති “වර්ණ රැයක්” ප්‍රසංගෙයේදී උදාරි වර්ණකුලසූරිය හා හේමාල් රණසිංහ එක් වූ අපූරු ඡායාරූප ගත කිරීමක රූප පෙළක්.
Captured by Uditha Umesh
MUA Salon Suranga
Dress maker Chamil Udayanga









