lan englan tam

පුවත්

රැෆෙලාගේ තරු කැලැන්ඩරේ එළියට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ඡායාරූප හා මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු සෑම වසරකම ඉදිරිපත් කරන 'තරු කැලැන්ඩරය' ගැන ඔබ බොහෝ දෙනා හොඳින් දන්නවා ඇති.

ලංකාවේ කලා තරු නිරූපණය වන මේ අපූර්ව දින දසුනේ මේ වසර සදහා, එනම් RFCC 2026 | 16 වන සංස්කරණය මේ වෙනකොට එළිදක්වලා තියෙනවා.

හැමදාම වගේම මෙවරත් මේ ඡායාරූප එකතුව සහිත දින දසුන බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තියෙනේ මේ හරහා නිරූපණය වන කලා තරු වල ආකර්ෂණය වගේම රැෆෙලාගේ නිර්මානාණාත්මක ඡායාරූපකරණය නිසාමයි.

මේ දින දසුනේ සෑම ඡායාරූපයක් හරහාම රැෆෙලා රූපයක් (image) පමණක් නොව එකිනෙකට වෙනස් අපූර්ව සංකල්පයක් නිර්මාණයක් (concept) නිර්මාණය කරන්න කටයුතු කර තිබෙන ආකාරය දැක ගන්න පුළුවන්.

ඉතින්, කලා තරු වලින් වර්ණවත් උන රැෆෙලා ප්‍රනාන්දුගේ මේ ආකර්ෂණීය දින දසුන දැන් ඔබටත් නරඹන්න පුළුවන්.

Raffealla Fernando Photography

 

kemadasa

shungara

Back to top
Go to bottom