lan englan tam

පුවත්

ඔස්කාර් ගිය ප්‍රියංකා චොප්රා! (photos)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක සිනමාවේ අසිරිමත් මංගල්‍යය වශයෙන් සැලකෙන 98 වන ඔස්කාර් සම්මාන උළෙල (2026) ඉරිදා රාත්‍රියේ ඇමෙරිකාවේ ලොස්-ඇන්ජලීස් නුවර ඩොල්බි ශාලාවේ (Dolby Theatre) දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලට සුප්‍රකට බොලිවුඩ් නිළියක මෙන්ම වර්තමානය වන විට හොලිවුඩය ද ජයගැනීමට සමත්වූ ප්‍රියංකා චොප්රා සහභාගී වීම ද, ඇයට ආදරය කරන රසිකයන්ට මෙන්ම ආසියානු සිනමාව නියෝජනය කරමින් ද ඉතා වැදගත් අවස්ථාවක් විය.

ඇය මෙවර සම්මාන උළෙලට එක්වූයේ සම්මාන ඉදිරිපත් කරන්නියක් (presenter) ලෙස වන අතර, හොඳම ජාත්‍යන්තර චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ස්පාඤ්ඤ ජාතික නළු Javier Bardem සමඟින් නිවේදනය කිරීමට ඇය එහිදී එක් උනා.

 

eskdb54g gg 625x300 16 March 2698 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය නිවේදනය කිරීමේ අවස්ථාවට එක්වූ ප්‍රියංකා චොප්රා  සහ ස්පාඤ්ඤ  නළු ජේවියර් බාර්ඩම් 

 

ඒ අනුව මෙය සටහන් වන්නේ ප්‍රියංකා ඔස්කාර් සම්මාන උළෙලකට සහභාගි වූ 3 වන අවස්ථාව ලෙස වන අතර, 2016 වර්ෂයේදී සම්මාන ඉදිරිපත් කරන්නියක් ලෙසද, 2017 වර්ෂයේදී ආරාධිත අමුත්තියක් ලෙස ද ඇය මීට පෙර ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වී තිබෙනවා.

එමෙන්ම සම්මාන රාත්‍රියේ රතු පළස මත ප්‍රියංකා සිය සැමියා වන ඇමරිකානු ගායක නික් ජෝනස් සමගින් දැකගත හැකි වු අතර, ඇගේ ඇඳුම් විලාසිතාවද බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

ඔස්කාර් සම්මාන උළෙලක හොලිවුඩ් තරු අභිබවමින් ආසියාව නියෝජනය කරන රංගන ශිල්පිනියක් මෙලෙස ඉදිරියට පැමිණීම ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර, ඇගේ දක්ෂතාවය හා ලොව පුරා ඇගේ ජනප්‍රියත්වය මනාව ප්‍රකට කරන්නකි.

 

priyanka 600 look white 1

pruyanka i 3

prutanka u 2

pruyanka u 4

 

kemadasa

shungara

Back to top
Go to bottom