බොලිවුඩ් සුපිරි තරු දීපිකා පදුකෝන් අලුතින්ම සම්බන්ධ වී සිටින රාජකීය කටයුත්තක් පිළිබඳව බොලිවුඩය දෙසින් වාර්තා වුණා.
ඒ ඉන්දියාවේ සුප්රසිද්ධ රන් ආභරණ සන්නාමයක ඡායාරුප සඳහා පෙනී සිටිමින්.
අලංකාර ආභරණ සිය ගෙලෙහි පැළඳගත් දීපිකාගෙන් දිස් වුයේ උසස් රසයකින් යුත් නූතන ඉන්දීය කාන්තාවකගේ විලාසයකි.
රාජකීයත්වයේ ආභරණ නමින් හැඳින්වුණු මෙම ඡායාරුප පෙළහි ඇති අබරණ ඉන්දීය රාජ වංශයන්ගේ ආභාෂය සහ නවීනත්වයෙන් සපිරි නවතම එකතුවක් ලෙසින් හැඳින්විය.
බරෝදා රාජකීයන්, ඉන්දෝර් හි මහරාජාවරු, චෝලා වංශිකයන්, පටියාලා රාජකීයන් ඇතුළු ඉන්දීය රාජවංශිකයන්ගේ අභාෂය මෙතුලින් දිස්විය.
https://www.mirrorarts.lk/news/films/item/1445-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-131-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A#sigProIdf1876621de




