lan englan tam

පුවත්

සිනමා ශිල්පීන් වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාවේ නිරත කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂ වූ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරන බවත් සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙසත් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජනාධිපති කාර්යාලයට පැමිණි කලාකරුවන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ, රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.
කලා ක්ෂේත්‍රය නවීන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ කේෂ්ත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමි ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර "මෙරට සිනමා කර්මාන්තයේ පවතින ප්‍රශ්න සමාජයේ පවතින අනිකුත් ප්‍රශ්න හා සමානයි. මෙරට සිනමාව රැක ගැනීම වෙනුවෙන් ප්‍රවේශ විය යුතු කාලය එළැඹ තිබෙනවා. ඒ වෙනුවෙන් පොදුවේ අයවැයකට හෝ ප්‍රතිපත්ති මාලාවකට ඉදිරිපත් කළ හැකි යෝජනා පොදු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. 1993 සිට ආරම්භ වූ කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප සම්බන්ධව සෑහීමකට පත්වෙන්න බැහැ. එබැවින් එම විශ්‍රාම වැටුප සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා රජයට කරුණු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙරට සිනමා කර්මාන්තය ආරක්ෂා වීමට නම් කලාකරුවන්ගේ සුබසාධනය ද වැදගත් වනවා. එම නිසා සිනමා කර්මාන්තය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් පවසා තිබේ.

Back to top
Go to bottom

Popular News