lan englan tam

පුවත්

ඇහැලේපොළ වලව්වේ ඉටිරූප කෞතුකාගාරය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉටිනාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව වාර්තා වනවා.
ඒ අනුව ඓතිහාසික ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය බවට පත්වනු ඇති.
ඇහැලේපොල වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කිරීමට නියමිතයි.
එමෙන්ම ජාතික වීරවරයන් වන මොණරවිල කැප්පෙටිපොළදිසාව, ඇහැලේපොල මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරීතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙරට පෞඩෟත්වය හා අභිමානය විදහා දැක්වෙන මෙම ඉටි කෞතුකාගාරය දෙස් විදෙස් ආකර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළා.
මහනුවර යුගයට අයත් ඇහැලේපොල වලව්ව ක්‍රි.ව. 1800ත් 1810ත් අතර කාලයේ දී ඉදි වු බව සැලකෙනවා.
එය ඇහැලේපොල නිලමේතුමාට අයත්ව තිබුනකි. මෙරට ඉතිහාසයේ අනුවේදනීයම චරිත ලෙස සැලකෙන ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම වීරමද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේයි. ඉංග්‍රීසින් විසින් වර්ෂ 1818 දී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල වලව්ව සිරගෙදරක් ලෙස භාවිතා කර තිබෙනවා.එහි දී ඔවුන් වලව්වේ මුල් ස්වරූපයට හානි කරමින් නව සිරි මැදිරි පරිශ්‍රයක්ද ඉදිකර ඇති බව සඳහන්.
උඩරට එක්සත් කර ගැනීම සදහා විමුක්ති අරගලය මෙහෙයවන ලද මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල නිලමේතුමා ඇතුලු ජාතික වීරවරයන් 50කට ආසන්න පිරිසක් ඉංග්‍රීසින් මෙහි සිරගත කර සිටි බවයි පැවසෙන්නේ.
වසර දෙදහකට වඩා පැරණි පර්චස් 141ක භුමි ප්‍රමාණයක පිහිටා ඇති ඇහැලේපොල වලව්ව වර්ෂ 2013දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර නාගරික සංවර්ධන අධිකාරියට පැවැරූ අතර අධිකාරිය එය නැවත ප්‍රතිසංවර්ධනය කරනු ලැබුවා.

Sri Lanka News

Back to top
Go to bottom

Popular News