lan englan tam

පුවත්

සායි සීතාව වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
සීතා ගේ චරිතය වෙනුවෙන් බොහෝවිට තෝරා ගැනෙන්නේ eye candy නිළියන්වය.

 සීතාට රඟපෑමට එතරම් දෙයක් නොමැති බවත්,ඇය ගේ සුරූපී රුවින් ප්රේක්ෂකයාගෙ ඇස පිනවීම වඩා වැදගත් බවත් නිර්මාණකරුවන් සිතනවා විය හැකිය.

නිතේශ් තිවාරි අධ්යක්ෂණය කරන, ලබන වසරේදී තිරගත කිරීමට නියමිත රාමායණ චිත්රපටයේ ශ්රී රාමා චරිතය රන්බිර් කපූර් විසින් රඟපාන අතර ඔහුට වඩා දස වසරකින් ලාබාල සායි පල්ලවී, සීතාගේ චරිතය නිරූපණය කරනු ලබයි.

දකුණු ඉන්දියානු සිනමාවේ දක්ෂතම නර්තන ශිල්පිනියක හා රුවින් පිරිපුන් නිළියක වන සායි පල්ලවී,ඇය සිනමාවේ මුහුණ දුන් කුළුඳුල් දර්ශනයේදීම අපූර්ව භාව ප්රකාශනයක් ඉදිරිපත් කළාය.
ඒ ප්රේමම් චිත්රපට⁣යේදීය.
ඉක්බිති කාලි,දියා,මාරි,ලව් ස්ටෝරි,ශ්යාම් සිංහ රෝයි,ගාර්ගි වැනි දකුණු ඉන්දියානු චිත්රපට තුළින් වරෙක විශිෂ්ට වූත් වරෙක ආදරණීය වූත් රංගනයන් හි නිරත වූ සායි ගේ මංගල බොලිවුඩ් සිනමාවතරණය ,රාමායණයයි.
සිනමා වංශකතාවට මතකයේ රැඳෙන සීතා වක දායාද කිරීමට ඇයගේ රංගනයට හැකි වනු ඇති බව රසිකයන්ගේත් විචාරකයන්ගේ ත් විශ්වාසය යි.
 
නිරෝෂ් ගුණසේකර විසිනි
Back to top
Go to bottom

Popular News