lan englan tam

පුවත්

මැයි 12 හන්තානට හඳ පායයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අමරසිරි පීරිස් යනු ශ්‍රී ලාංකේය ගීත කලාවට සරුසාර ගීත බොහෝ සංඛ්‍යාවක් සිය හඬ භාවිතයෙන් දායාද කළ කලාකරුවෙකි. කල් ඉකුත් නොවන ගීත ගණනාවක හිමිකරුවෙකි. ගණන් කළ නොහැකි රසික පිරිසක් තමන් වටා ගොනු කර ගත් ගායකයෙකි. එහෙයින්ම අමරසිරි පීරිස් රසික පිරිසට මැයි මාසය බලාපොරොත්තුසහගත මාසයක් වේ.

ප්‍රවීණ ගායක අමරසිරි පීරිස්ගේ 'හන්තානට පායන හඳ' ප්‍රසංගය 2024 මැයි 12 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය.
සංගීතඥ මහින්ද බණ්ඩාරගේ සංගීතයෙන් ඔපවත් වන ප්‍රසංගයේ උමාරා සිංහවංශ සහ අමරසිරි පීරිස්ගේ දියණිය වන ජනනි පිරිස් සහාය ගායන දායකත්වය දැක්වීමට නියමිත 'හන්තානට පායන හඳ' ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ වේදිකාගත කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
අමරසිරි පීරිස්ගේ ගීත එකතුවට රචකයින් ලෙස මහඟු දායකත්වයක් දුන් සමන් අතාවුදහෙට්ටි සහ නිලාර් එන්. කාසිම් වැඩසටහනේ පූරකවරු වෙති.
ලඳුනේ, මලක් වුණේ, මරණ තුනක් ඇති මිනිසා, හන්තානට පායන සඳ, ආදරයේ උණුසුම් සුසුම්, විහඟ ගීතය, ඔබ ඇපල් මලක් වාගේ, මගේ පුංචි රෝස මලේ, සඳුද අවදියෙන්, මගේ නොවන ආදරයක් තිබුණා, සොඳුරිය, කාත් කවුරුවත් යනාදී ගීත සජීවීව ප්‍රසංගයකදී රස විඳීමේ අවස්ථාව කලකට පසුව උදා වී තිබේ.
අමරසිරි පීරිස් වසරකට ආසන්න කාලයක් සැත්කමකට මුහුණ දීමෙන් පසුව ගත් විරාමයෙන් අනතුරුව 'හන්තානට පායන හඳ' ප්‍රසංගය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන්නේය.

Back to top
Go to bottom

Popular News