lan englan tam

පුවත්

'පුතී' කියලා නම් කවදාවත් කිව්වේ නෑ; අසංක ප්‍රියමන්ත පීරිස් 'මතක පද' සමග

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා - වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනි වී"

ප්‍රේමයේ වියෝගය පිළිබඳව එවැනි ගායනා එකතුවකින් එක් වකවානුවකදී සදා නොමැකෙන මතක සටහන් තැබූ ගායන ශිල්පී අසංක ප්‍රියමන්ත පීරිස් මෙවර 'මතක පද' යූටියුබ් සංවාදාත්මක වැඩසටහන සමග එක් වී තිබිණි.
සිය සංගීත ජීවිතයේ විශාරද මාලනී බුලත්සිංහල සමග ගායනා කිරීමට ලැබීම වටිනා අවස්ථාවක් වූ බව අසංක එහිදී සඳහන් කළේය.
"මාලනී බුලත්සිංහල මහත්මිය සමග 'සඳ දිය දෙවුණ' ගීතය ගයද්දි ලැබුණ සහාය අති විශාලයි. එතුමියට අපි ආදරෙයි. ගරු කෙරුවා. මට මතකයි මුල් අවදියේ ගීත පටිගත කරද්දි 'මම බාලයෙක් මම පොඩි මිනිහෙක්, ජනප්‍රියත්වය නැති මිනිහෙක්' කියන හැඟීමක් එතුමියගේ තිබුණේ නෑ. තමන් වගේම හැඟීමෙන් තමයි ඇය අපිව ගායනයට යොමු කළේ. 'එන්න මල්ලි එන්න, හොඳට ගායනා කරන්න' කියලා අපිව උනන්දු කරන ගායිකාවක් හැටියට ඇය ඕනාකමින් හිටියා. ඇයත් එක්ක මම ගීත තුනක් නැත්නම් හතරක් ගායනා කරලා තියෙනවා. ඒ ගීතත් හැමෝම ගාව මුමුණන ගීත වෙලා තියෙනවා. එතුමිය ඉන්න කාලේ අපිට හමුවීම හරි වටිනවා." වැඩසටහන් පූරක ගැමුණු වන්නිනායක සමග අසංක එහිදී පැවසීය.
එරන්දතී කලායතනයට යාම තම සංගීත ජීවිතයේ කඩ ඉමක් වූ බවත් නිරෝෂා විරාජිනී, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, චන්දන ලියනාරච්චි, නාමල් උඩුගම වැන්නන් ගැන ඇති මිත්‍රශීලී මතක පිළිබඳවත් අසංක එහිදී කතා කළේය.

Back to top
Go to bottom

Popular News