lan englan tam

පුවත්

'Antique කඩයක මරණයක්' ITN එකෙන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය සිනමා හා කලා නිර්මාණකරුවකු වන අශෝක හඳගමගේ 'ඇන්ටික් කඩයක මරණයක්' වේදිකා නාට්‍යය වේදිකාගත කිරීමේ වාර මේ වන විට අවසන් කර තිබෙන බව දැනුම් දී තිබියදී නාට්‍යය ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වීමට නියමිත බව එම රූපවාහිනිය පවසයි.

'Antique කඩේ මරණයක්' නාට්‍යය නොනැරඹූ රසික පාර්ශ්වයට මෙය එදින නැරඹීමට හැකි බවට නාට්‍යයේ නිර්මාණකරු අශෝක හඳගම විවෘත ආරාධනයක් කරයි.
වැඩිහිටි ප්‍රේක්ෂකයන් සඳහා නිමැවූ නාට්‍යය කොළඹ ලයනල් වෙන්ඩ්ට්හි වේදිකාගත වන බව කී විට 'කොළඹට කිරි අපිට කැකිරි' යැයි නෝක්කාඩු කී අයට හොඳ අවස්ථාවක් උදා වී ඇති බව නිර්මාණකරු අශෝක හඳගම පවසයි.
මැයි 12 වැනිදා නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News