lan englan tam

අතන මෙතන

“ගීතයේ අයිතිය හා ගීතයේ ජිවය” අද හවස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

සිංහල ගීතයේ චිර ජීවනය සහ ගීතයේ හිමිකාරිත්වය උදෙසා “ගීතයේ අයිතිය හා ගීතයේ ජිවය” නමින් සිදු කරනු ලබන විවෘත කතිකාවත සහ සංගීත සැඳෑව 24 වැනිදා එනම් අද දින පස්වරු 4.30 ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

ගීතයේ සංගීතය පිළිබඳව සංගීතවේදී නදීක ගුරුගේ විසින් ද, ගීතයේ ගේය පද රචනය පිළිබඳව ලුෂන් බුලත්සිංහලයන් විසින් ද, ගීතය සහ ගායනය පිළිබඳව ෂර්ලි වෛජයන්ත විසින් ද දෙසුම් පවත්වනු ඇත.

එසේම බුද්ධිමය දේපල යටතේ වර්තමාන ගීතයේ අයිතිය පිළිබඳව නීතිඥ ගීතාංජලි රණවක විසින් පැහැදිලි කිරීමට නියමිතය.

ගීතයේ අයිතිය සහ ගීතයේ පැවැත්ම පිළිබඳ විවෘත සංවාදය පස්වරු 6.40 ට ආරම්භ කෙරේ.

වැඩසටහන මෙහෙයවීම ලාල් ආනන්ද අබේධීර, නිලාර් එම්. කාසිම් සහ කැලුම් ශ්‍රීමාල් විසිනි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාද්‍ය වෘන්දය විසින් සංගීතය සපයනු ලැබේ.

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries