lan englan tam

අතන මෙතන

ඇත්දළ සුදෙන් කඩවසම් වූ විකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විකී කෞෂාල් ගනේෂ් චතුර්ති උත්සවය නිමිත්තෙන් සනී කෞෂාල් සහ සිය නෑණන්ඩිය වන ඉසබෙල් කායිෆ් සමග ඉන්දීය සාම්ප්‍රදායික ඇඳුමින් කඩවසම්ව පෙනී සිටින ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊයේ පළ කර තිබිණි.


ඉන්දියාව ගනේෂ් චතුර්ති නැකත් උත්සවය ඉතා උත්කර්ෂයෙන් සමරන අතර බොලිවුඩයේ ජනප්‍රිය වෙනත් තරුද ගනේෂ දෙවියන් හෙවත් ගණ දෙවියන්ව සිය නිවෙස්වලට පිළිගනිමින් ඊයේ දිනයේ ඡායාරූප පළ කර තිබිණි.
විකී ඇත්දළ සුදු සාම්ප්‍රදායික ඉන්දීය ඇඳුමකින් මෙම උත්සවයට සහභාගි වී තිබූ අතර මේ ඡායාරූපවලට බෙහෙවින් ආකර්ෂණීය ප්‍රතිචාර ලැබෙමින් තිබේ. විකීගේ මේ දිනවල වවා ඇති දිගු රැවුලද එහිදී රසික අවධානයට ලක් වී තිබේ. රෝහිත් ගාන්ධි සහ රාහුල් ඛන්නා මෙම ඇඳුම නිර්මාණය කර ඇති බවද විකී සඳහන් කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom