අද ලෝකයේ නෙත ගැටෙන බොහෝ කලා නිර්මාණයන් තුළ කලාත්මක බවක් අනෙකාට ඇති කරවීමට නිර්මාණකරුවා කොතරම් වෙහෙසෙන්නේද යන්න අප බොහෝදෙනා නොදන්නවා විය හැක. ලෝකයේ බොහෝ නිර්මාණයන් සඳහා මිලක් නියමකිරීමට පවා නොහැකි වී ඇත්තේ එවැනි හේතූන් නිසා බව බොහෝදෙනාගේ මතයයි. යම්කිසි කලාකරුවෙකු හෝ නිර්මාණකරුවෙකු උපතේ සිට රැගෙන එනු ලබන හැකියාවක් ඔස්සේ ඔප්නංවන නිර්මාණයන් ලෝකය තුළ ජනප්‍රියත්වයක් ලබන්නේ බොහෝ කලාතුරකිනි.
ලෝකයේ නිර්මාණකරුවන්ගේ ඇතැම් නිර්මාණයක් එක රැයකින් ජනප්‍රිය වීමට අවස්ථාව තිබේ. ඒ ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගිනි.
Roberto Fanari යනු එවැනි කලාකරුවෙකි. ඔහුගේ නිර්මාණයන් ලෝකය තුළ ජනප්‍රියත්වයක් ලබාගන්නේ ඔහුවත් නොදැනීමය. මොහු එක්තරා මූර්ති නිර්මාණ ශිල්පියෙකි. නමුත් මොහුගේ මූර්ති නිර්මාණයන් සිදුකරන්නේ මැටියෙන්වත් හෝ ඊට ආසන්න මූලද්‍රව්‍යයකින් නොවේ. ඔහු නිර්මාණයන් කරනු ලබන්නේ යකඩ කම්බි ආශ්‍රිතවයි. ඒ සඳහා විවිධ ප්‍රමාණයේ කම්බි භාවිත කරනු ලබයි.
ගෙතුමක් වැනි ආකාරයෙන් ඔහු මෙම මූර්ති නිර්මාණය කරනු ලබන්නේ බොහෝ දෙනා විස්මයට පත්කරමිනි. ඔහුව බොහෝදෙනා දැන හැඳිනගන්නේ මෙම නිර්මාණයන් හේතුවෙනි. ඒ පසුගිය වර්ෂයේදී ඔහු පැවැත්වූ 'Ferro' නම් ප්‍රදර්ශනය හේතුවෙනි. එහි තේරුම ලෙස ඔහු සඳහන් කරනු ලබන්නේ 'යකඩ' නිර්මාණ ලෙසයි.
Roberto වෘත්තීය වශයෙන් වෑද්දුම්කරුවෙකු ලෙස කටයුතු කරනු ලැබූ හෙයින් මෙම ක්‍රියාව ඉතාමත් පහසු බව සඳහන් කරයි. නමුත් මුලින් ඔහුගේ නිර්මාණ හැකියාව ඉතාමත් දුර්වල මට්ටමක පැවැති බවද සඳහන් කරයි. එහිදී තම නිර්මාණ හැකියාව වැඩිදියුණු කිරීමට සේවය නිමකිරීමෙන් පසුව රාත්‍රී කාලයේදී ඔහු උත්සාහකර තිබේ.
ඒ ආකාරයෙන් පුහුණුවීමත් සමගින් මිනිස් රූපයන් යකඩ කම්බි ආශ්‍රිතව නිර්මාණය කිරීමට Roberto තරම් දක්ෂයෙකු බිහිවී නොමැති බව බොහෝදෙනාගේ අදහසයි. වේවැල් ගොතනා ආකාරයෙන් කම්බි වලින් මෙවැනි නිර්මාණයන් සිදුකිරීමට Roberto ඇත්තේ ඉතාමත් සුළු අදහසක් බවයි පවසන්නේ. මේ කාරණාව බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි විය. එහිදී සඳහන් කර ඇත්තේ ඕනෑම කාර්යයක් සුළුවෙන් සිතන තාක් කල් එම කාර්යය නිදහසේ කර ගැනීමට ඇති හැකියාව වැඩි බවයි.
Roberto ගේ පළමු ප්‍රදර්ශනය හේතුවෙන් නිර්මාණාත්මක කලාකරුවෙකු ලෙස අද වන විට ලෝකයම හඳුනනා නිර්මාණකරුවෙකු වී හමාරය. නමුත් ඔහු වෘත්තීය වශයෙන් කලාකරුවෙකු නොවීම ඔහුගේ අදහසක් බවද පවසා ඇත. කෙසේවුවත් Roberto ගේ ඇතැම් නිර්මාණයන් වල ඇති විස්මිතභාවය අදටත් බොහෝදෙනා විමතියට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි.
-අද-
https://www.mirrorarts.lk/featured/1339-airon#sigProId3d2fcbd482