රාජයෝගය කණ්ඩායමෙන් සම්පත්ට ලැබුණු උපන්දින තෑග්ග
රංගන ශිල්පී සම්පත් ජයවීරගේ 40 වැනි උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
ඔහු රංගනයෙන් එක්වන “රාජයෝගය” ටෙලි නාට්‍ය කණ්ඩායම ඔහුගේ උපන්දිනයට සුබ පතා තිබුණේ හරි අපූරු විදිහකට.
ඒ අතුරුගිරිය නගර මධ්‍යයේ දහවල් සිදුකළ ටෙලි නාට්‍ය රූපගත කිරීම් අතරතුරේ දී යි.
“ආදරය ගිනි මද්දහනේ අතුරුගිරිය නගරය මැදදී වුවද විඳිය හැක,” කියලා තමයි මේ සිදුවීම ගැන සම්පත් ජයවීර සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ.
https://www.mirrorarts.lk/gossip/4642-sampath-jayaweera-40#sigProIde9cc14c779