නිව්යෝක් විලාසිතා සතියේ ඇස ගිය තැන්
සෑම වසරකම පෙබරවාරියේ පැවැත්වෙන ලොව ප්රමුඛ පෙලේ විලාසිතා දැක්ම හතරෙහි පළමුවැන්න ලෙසින් නිව්යෝක් විලාසිතා සතිය හඳුවන්න පුළුවන්.ලන්ඩන්, පැරිස් සහ මිලාන් යන විලාසිතා සති ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන සෙසු විලාසිතා දැක්ම ලෙසින් හඳුන්වනවා.
නිව්යෝක් විලාසිතා සතිය පැවැත්වෙන්නේ මෙ මස 8 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇමරිකාවේ නිව්යෝක් නුවර දී යි.
මේ සඳහා සුපිරි නිරූපන ශිල්පින් රැසක් සහභාගී වන අතර විලාසිතා දැක්මෙහි ඉදිරි පෙළ අසුන් නිරතුරුවම වෙන්වන්නේ ජනප්‍රිය තරු වෙනුවෙනි.
එසේම විලාසිතා නිර්මාණ සහ ඉදිරිපත් කිරීම් ඔස්සේ වත්මන් දේශපාලනය පිළිබඳව ද වක්‍රාකාරයෙන් කරුණු ගෙන ඒම මෙහිදී සුලබව දැකිය හැකියි.
සංක්‍රාන්ති ලිංගික විලාසිතා නිර්මාණ ශිල්පියෙක් නිව්යෝක් විලාසිතා සතියට සහභාගී වූ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.
තරුණ ශිල්පින් වෙනුවෙන් අවස්ථාව හිමි කරදීමේ අරමුණු ඇතිව Calvin Klein ඇතුළු ලොව නම් දැරූ නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ම මෙවර විලාසිතා සතියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
https://www.mirrorarts.lk/life/fashion/4794-new-york-fashion-week-190213#sigProId8dfebfe5c8