මෙම ජලාශයට එතරම් සංචාරකයින් ඇදී නාවත් හැටන් යන කෙනෙකු අමතක නොකළ යුතුම අත්දැකීමක්.
මෙහි පිරිසිදු ජලය කදු මුදුන් වලින් වටකර ඇති ආකාරය දකින ඕනෑම කෙනෙකුට මෙය සුන්දර දසුනක්.
බොට්ටු සවාරියක් යන්නට, සිනමන් එයාර් හි ගුවන් ගමන් සංචාරයකට එසේත් නැත්නම් සින්මන් බංගලාවක නවාතැන් ගන්න ප්රිය කරන ඕනෑම කෙනෙකුට මෙම ජලාශය කදිම අවස්ථාවක් උදා කර තිබෙනවා.
ඔබ බොහෝ දෙනෙකු එය මිල අධිකයි කියා පසෙක දමාවි. එහෙත් වෙනත් නවාතැන් තිබෙනවා ඔබ වෙනුවෙන් ඒ අවස්ථාව ඉතා සුලු මුදලකට ලබාදෙන. ඇතැම් විට රු. 4000 ක් වැනි මුදලකට ලබාගන්න පුලුවන්.
ඒ වගේම මේ සෟන්දර්ය පිරැණු ස්ථාන අපිරිසිදු නොකර ඒ පරිසර පද්ධතියත් රැක ගත යතු බවත් මතක තබා ගන්න ඕනේ.
We Go To Sri Lanka අනුග්රහයෙනි
https://www.mirrorarts.lk/life/location/355-castlereagh-reservoir#sigProIdade7e419d9